කළුබෝවිල කිරි දරුවා කාගෙද ?

download (6)

 

පැය විසිහතරක් එනම් එක් දිනක් වයසැති කිරි කැටියෙකු මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ප්‍රගතිපුර ග්‍රාමයේ අතැහැර දමා ගොස් සිටියදී අද හොයා ගෙන ඇත. මේ සම්බන්දයෙන් අදහස් දක්වන ඇතැමෙක් පවසන්නේ මේ දරුවාගේ මව සොයා මේ දරුවා නැවත මවටම බාර දෙන බවකි.
සමහරක් අය මේ සම්බන්දයෙන් පවසන්නේ   මෙම දරුවා ප්‍රසූත කල මව සිත් පිත් නැති අමානුෂික තැනැත්තියක බවයි. කෙසේ වෙතත් අප ඉතිහාසයේ පටන් කියවා අසා ඇති බොහෝ වෘත්තාන්ත තුල අපට හමු වී ඇති මව් වරුන් නම් මෙයට වඩා බොහෝ වෙනස් වූ මව් වරුන්ය. බොහෝමයක් ජනයා මේ මවට දෝෂාරෝපණය කලද ඒ මවගේ දෙතනේ මේ දරුවා වෙනුවෙන් කිරි එරෙනු ඇත. ඒ මවද බොහෝමයක් දුක්ඛ දෝමනස්සයන් තුල මෙම දරුවා මෙලෙස මහ මග දමා යන්නට ඇත. දරුවා මහමග දමා පලා ගිය ඒ මවට දොස් පවරන ජනයා කිසි විටෙක දරුවාත් මවත් අතැර පලා ගිය මේ දරුවාගේ පියාට වචනයකුදු නොකියනු ඇත. සිය කැමත්තෙන් මිනිහෙක් නොමැතිව ස්ත්‍රියකට දරුවෙක් හදා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් මොහොතකදු පෙනී නොසිටනු ඇත. මේ දරුවාට පොවන්නට කිරිපිටි පැකට් එකක් ගන්නට ඇයට වත් කමක් නොමැති , දරුවාට කිරි දෙන්නට තරම් සවිමත් ආහාර වේලක් ගන්නට ඇයට හැකියාවක් නැති කල මේ දේශපාලනයට වචනය කුදු නොකියනු ඇත.ජාතිය වෙනුවෙන් දරුවන් හදන්නට යැයි දිරිමත් කලද පියෙක් නැති දරුවෙකුට අවජාතකයා යැයි අවමන් කොට සිනා සෙන මේ ගෝත්‍රික සමාජ , සංස්කෘතිය ගැන වචනයකුදු නොකියනු ඇත. එහෙත් මේ මව කුරිරු තැනැත්තියක් ලෙස හංවඩු ගසනු ඇත . ඇයට වෛර කරනු ඇත. ශාප කරනු ඇත. එහෙත් මේ මව තම දරුවාට කෙතරම් ආදරේද කියා නොසිතනු ඇත එසේ සිතුවා නම් , සිතන්නේ නම් කිසිවෙකු ඇයට ශාප නොකරනු ඇත, කිසිවෙකු ඇයට වෛර නොකරනු ඇත, කිසිවෙකු ඇයට නොගරහනු ඇත. මන්ද ඇය තම දරුවාට ඇති ආදරය නිසාම කුසට හරි හමන් අහරක් නැති උවද , සමාජයේ , සංස්කෘතියේ ගැරහුම් මැදද , තම ආර්ථික අපහසුතාවයන් මැදද, වෙනත් හේතුන් මතද තම කුස පිලිසිදගත් දරුවාට මෙලොව එළිය දකින්නට ඉඩ ලබා දුන්නීය, ඇය මෙලොව එළිය දුටු දරුවා කානුවකට, වතුර වලකට , කුණු ගොඩකට , ඇලකට , දොලකට, මුහුදට විසි නොකොට අවිනිෂ්චිත හෙට දිනයේ උවද තවත් දිනක් හෝ ලෝකය දකින්නට ඉඩ සලසන ලද්දීය . මෙවැනි වැඩවසම් පසුගාමී ගෝත්‍රික ධනවාදී සමාජයක, මෙලෙස සමාජයේ අතරමං වූ මවක ගෙන් තම දරුවා වෙනුවෙන් මීටත් වඩා ලබා දිය හැකි මාතෘ ප්‍රේමය කුමක්ද ?

Share Button

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>