හෙට සිට “බුර්කාව” තහනම්

ඉස්ලාම් ආගමික නියමයන්ට අනුව කාන්තාවන් අඳිනු ලබන සම්පූර්ණ ශරීරය වැසෙන බුර්කා ඇදුම ලොව පුරා ආරක්ෂක ගැටලු මෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ගැටලු ඇතිකිරීමට හේතු වී තිබේ

ලොවපුරා රටවල් ගණනාවක්ම බුර්කා ඇදුම තහනම් කිරීමට පසුගිය සමයේදී තීරණය කලා.

ලෝකයේ බොහෝ රටවල තීරණයට ගරු කරමින් බුර්කා ඇඳුම අලෙවිය, නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එරට වාර්තාවල දැක්වෙන පරිදි පැය 48ක් ඇතුළත තමන් සතු ඇඳුම් තොග අවසන් කරන ලෙස ව්‍යාපාරිකයන් වෙත ලිපි යවා ඇත. මේ සම්බන්ධයෙන් මොරොක්කෝ රජයේ නිල නිවේදනයක් නොවුව ද, නම හෙළි නොකළ නිලධාරියකු පෙන්වා දී තිබෙන්නේ ‘ආරක්ෂක කරුණු’ මත එම තීරණයට එළැඹ ඇති බවය.

harigossip

Related posts:

Comments

comments