කෝඩුකාර තික්‍ෂිල විස්සයි විස්ස සංචිතයට

දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ මස 20 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියට සහ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඩුකාර තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන තික්‍ෂිල ද සිල්වා ඇතුළත්කර තිබේ.

හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන 23 හැවිරිදි තික්‍ෂිල අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ වේගවත් පිතිකරුවකු ලෙස නමක් දිනා සිටියි. ඔහුගේ විස්සයි20 ඉනිමක ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 144.37 කි.

විස්සයි20 පිලේ තේරීම වෙනුවෙන් පැවැති තේරීම් තරගවලදී තික්‍ෂිල දස්කම් දැක්වීම නිසා සංචිතයට ඇතුළත්කර තිබේ. ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන තික්‍ෂිල වමත් පිතිකරුවකු මෙන්ම දකුණතින් වේග පන්දු යවන්නෙකි.

ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටින 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයන් 9 දෙනකු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ වෙනුවට ක‍්‍රීඩකයෝ නව දෙනකු සංචිතයට එකතු වෙති. විස්සයි20 සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද, කටයුතු කරති.

සිම්බාබ්වේ සංචාරයෙන් පසුව ස්ථානය අහිමිවූ නිරෝෂන් දිල්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටිති. වේග පන්දු යවන්නකු වන ඉසුරු උදාන වසරකට පමණ කාලයකට පසුව විස්සයි20 සංචිතයට පැමිණ සිටියි.

විස්සයි:20 තරගාවලිය සඳහා දකුණු අපි‍්‍රකාවට යන කී‍්‍රඩකයෝ –

තික්‍ෂිල ද සිල්වා, අසේල ගුණරත්න, සීකුගේ ප‍්‍රසන්න, සචිත් පතිරණ, ලක්‍ෂාන් ස`දකැන්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන

Related posts:

Comments

comments