දකුණු අප‍්‍රිකා තරග සංචාරය ලංකාවට අහිමිවන ලකුණු

මේ වසර අගදි පැවැත්වීමට නියමිත ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දකුණු අප‍්‍රිකා තරග සංචාරය වෙනුවට ඉන්දිය කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට ගෙන්වා ගැනිමට බලාපොරොත්තු වන බව දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

මේ අනුව ශ‍්‍රි ලංකා තරග සංචාරය අවලංගු වියහැකි බවයි දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා පවසන්නේ.

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේවසර අගදි දකුණු අප‍්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතව සිටියා.

ඒ ටෙස්ට් තරගාවලියකට එක්දින තරගාවලියකට සහ 20-20 තරගාවලියක් සඳහායි.

නමුත් මේ තරගාවලිය අවලංගු කරමින් ඉන්දියාව සමඟ ටෙස්ට් එක්දින සහ 20-20 තරගාවලියක් පැවැත්විම කෙරෙහි දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුවි තිබෙනවා.

දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි හරුන් ලොගාඞ් පවසන්නේ ඉන්දියා පාකිස්තාන තරගාවලියක් මේ වසර අගදි යෙදි ඇති බවත් පවතින දේශපාලන අර්බුධය හේතුවෙන් එම තරගාවලිය බොහෝදුරට අවලංගු වියහැකි බවයි.

මේ නිසා ඉන්දියාවට දකුණු අප‍්‍රිකාව සමග තරගාවලියකට ආරාධනා කරන බවයි ලොගාට් පවසන්නේ.

දැනටමත් වෙනත් කණ්ඩායමක් සමඟ තරගාවලියක් යොදාගන්නා ලෙස ශ‍්‍රි ලංකාවට දන්වා ඇති බවයි ප‍්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේ අද සවස පැවැත්වෙන විධායක කමිටු රැස්විමේදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

Related posts:

Comments

comments