2017 ට සිසුන් ඇතුලත් කරන්න ආනන්දෙ ලොක්කා ඇඩ්වාස් අරගෙනලු | PHOTO

කොළඹ ආනන්ද විද්‍යාලයේ දැනට සිටින විදුහල්පතිවරයා විසින් සිදු කරගෙන යනු ලබන විශාල දූෂණ පෙළක් පිළිබඳ අනාවරණය වී ඇත.

මේ වන විට වසර තුනකට වැඩි කාලයක් සේවයේ නියුතු කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ පාසැලට සිසුන් ඇතුලත් කිරීමේදී සලකා බලන කඩඉම් ලකුණු මට්ටම් නොතකා හිතවතුන්ගේ සහ දුර පළාත්වල සිසුන් විරෝධී ලෙස පාසැලේ පළමුවසරට ළමුන් ඇතුලත් කර ඇති බවට වාර්තා වේ.

මේ ආකාරයෙන් සිසුන් 50 දෙනෙකු පමණ මේ වන විට ඇතුලත් කර ඇති බවත් ඒ එක් එක් සිසුන් වෙනුවෙන් ලක්ෂ 10 සිට 15 දක්වා මුදල් අයකර ඇතිබවටද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඔහුට ස්ථාන මාරුද ලබා දි ඇතත් ඔහු දේශපාලන හිතවත්කම් මැද තවමත් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය හොබවමින් සිටියි.

වත්මන් අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් විසින් ඔහු වෙත ලබා දුන් ස්ථාන මාරුව කතානායක කරු ජයසූරිය මහතාගේ හිතවත්කම මත අත්හිටුවා ඇත්තේ කරු ජයසූරිය මහතාද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු බැවින් ඔහුගේ අනුදැනුම පිට මෙම මාරුවීම අත්හිටුවා ඇත.

එසේම මොහු අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ තවත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සමග එක්ව මෙම මුදල් ජාවාරම කලක පටන් සිදුකර ඇත. මේ වන විටද ඔහුට ස්ථාන මාරුවීම් ලැබී ඇතත් විදුහල්පතිවරයාව මාරු නොකරන ලෙස තම කාර්යාල සේවකයන් ලවා අත්පත්‍රිකා බෙදමින් විදුහල්පති පුටුවේ තවදුරටත් රැදී සිටීමට උත්සහ ගනිමින් සිටියි.

ඒ එළැඹෙන 2017 වසර වෙනුවෙන් පාසැලේ පළමු වසරට ඇතුලත් කරනු ලබන ළමුන් වෙනුවෙන් මුදල් ගසා කෑමටය. මේ වන විටත් අදාල ළමුන් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ලබා ගෙන ඇති බවට වාර්තා වේ. ඒ නිසා අදාල දරුවන් පාසැල් වෙත ඇතුලත් කර ගැනීමට ඔහු විදුහල්පතිපුටුවේ රැදී සිටීමට වෙහෙසදරමින් සිටියි.

මෙවැනි දූෂිත ක්‍රියාකාරකම්වලින් උපයාගත් මුදල් තම පුද්ගලික ප්‍රයෝජනයට යොදවා ඇති බවත් ඒ අනුව ඔහු කෝටි තුනකට අධික වියදමකින් නිවසක් ඉදිකිරමින් සිටින බවටද වාර්තා වේ.

සිසුන් 6000 කට ආසන්න ප්‍රමාණයක් සිටින කොළඹ ආනන්ද විද්‍යාලයේ මේ වන විට වැසිකිලි පහසුකම් පවා ඉතා පහල මට්ටමක පවතින බවත්, මෙලෙස දූෂිත ලෙස සිසුන් ඇතුලත් කිරීම මත එක් පන්තියක සිසුන් 60 කට ප්‍රමාණයක් සිටින බවටත් වාර්තා වේ. මේ හේතුවෙන් ඉගෙනීමේ කටයුතු වල ගුනාත්මක භාවයද පහත වැටී ඇති බවට වාර්තා වේ.

විදුහලේ ප්‍රධාන ලිපිකරු ඇතුලු කාර්යාල සෙවකයින් යොදවා අත්පත්‍රිකා බෙදන අයුරු..

1c915df1-7ef7-4746-8292-d3a0510330e0 fd28f812-03cf-46ec-b652-ca8c03b2e681

Comments

comments