රජයේ නිලධාරීන් IOC නිවාස අඩස්සියේ

ත්‍රිකුණාමලය චීනවරායේ තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් පිරිසක් පැය ගණනක් තිස්සේ ඉන්දීය තෙල් සමාගමේ (IOC) නිලධාරීන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිට ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය කළමණාකරුවකු හා සහකාර ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ඉන්දීය තෙල් සමාගමේ නිලධාරීන් යැයි කියන පිරිසක් පැයක පමණ කාලයක් නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි තිබේ.

මේ වනවිට එම නිලධාරීන් නිදහස් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයිද ලංකා ඛනිජ තෙල් සංස්ථාව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

2003 වසරේ ඇති කරගත් ගිවිසුමට අනුව මාස 06ක් ඇතුළත එළඹීමට තිබූ බදු ගිවිසුම ක්‍රියාත්මක නොවූ නිසා ඉන්දීය සමාගමට එම භූමියේ පිහිටි කිසිදු තෙල් ටැංකියක් පරිහරණය කළ නොහැකි නමුත් ඔවුන් නීති විරෝධී ආකාරයට එම තෙල් ටැංකි පරිහරණය කරන බවත් ඊට අමතරව තවත් තෙල් ටැංකි 16 ක් පවතින බවත් එම තෙල් ටැංකි භාවිත කිරීමට ලංකා රජය කැබිනට් පත්‍රිකාවක්ද අනුමත කරගෙන තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරයි.

Related posts:

Comments

comments