නව වසරට HTC එළියට දාන බජට් Smart Phone එක | VIDEO

තවමත් නිල වශයෙන් දැනුම් දී නැති වුනත් මේ HTC Smart Phone එක නිල වශයෙන් දැනුම් දීම සහ නිකුත් කිරීම ඉදිරි මාසයේදී සිදුවෙනවා කියලයි තොරතුරු අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතින්නේ.

තොරතුරුවලට අනුව මේ නව ස්මාට්ෆෝනය HTC X10 ලෙසින් හැඳින්වෙනවා.

මෙය අඟල් 5.5 ක තිරයකින් යුක්ත වනු ඇතැයි අසන්නට ලැබෙනා අතර, නවතම Corning Gorilla Glass තිර ආරක්ෂණයකින් සහ මල්ටිටච් පහසුකමින් යුතුව එළිදැක්වෙනු ඇති. එසේම මෙය Android OS v6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වනු ඇති. මෙහි Mediatek MT6755 Helio P10 චිප්සෙට් එකක් සහ Octa-core (4×1.8 GHz Cortex-A53 හා 4×1.0 GHz Cortex-A53) ප්‍රොසෙසරයක් අන්තර්ගත වනු ඇති. මීට අමතරව 32GB ප්‍රමාණයේ අභ්‍යන්තර මතකයකින්, 3GB ප්‍රමාණයේ ‍රැම් මතකයකින් මෙය සමන්විත වනු ඇති අතර, MicroSD කාඩ් මගින් මෙහි බාහිර මතකය 256GB දක්වා ඉහළ දැමීමටද හැකියාව ලැබෙනු ඇති.

මීට අමතරව මෙහි සම්මත ස්මාට්ෆෝන් කැමරා හැකියාවන්ගෙන් යුක්ත 13MP ප්‍රධාන කැමරාවක් සහ 8MP ද්වීතීයික කැමරාවක්ද අන්තර්ගත වනු ඇති. මෙහි Fingerprint scanner වැනි ඉහළ මට්ටමේ සංවේදකයන් දක්නට නොමැති අතර, Accelerometer, gyro, proximity, compass වැනි සාමාන්‍ය සෙන්සර පද්ධතියක් පමණක් අඩංගු වනු ඇති.

E56 - One X9 - Handset - Image

Related posts:

Comments

comments