හිරෝෂිමා න්‍යෂ්ඨික බෝම්බය පතිතවූ තැන සිට දිවිඛේරාගත් පවුලේ විස්මිත ගස

දෙවන ලෝක යුද්ධයේදී ජපානයට පරාජය උරුම කළ හිරෝෂීමා නාගසාකි න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාර අදටත් ලෝකය කම්පා කරවන්නක්. එහිදී හිරෝෂිමාවට එල්ලවූ න්‍යෂ්ඨික බෝම්බයෙන් ලක්ෂ ගණනක කිලෝමීටර ගණනක දුරින් පවා රැදී සිටි පිරිසක් මිය යද්දී  බෝම්බය පතිතවූ ස්ථානයට ආසන්නයේ ජීවත්වූ පවුලක පිරිසක් කිසිදු හානියකින් තොරව ආරක්ෂාවූ බව ඔබ දැන සිටියාද ?

එය විශ්වාස කිරීමට අපහසු කරුණක් වුවද සත්‍යයක්.

එසේ දිවිගලවාගත් පවුලේ ප්‍රදානියා වූයේ බොන්සායි කලා ශිල්පියකුවූ මසාරු යමාක ඇතුලු පිරිසයි.මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවන මොහොතේ ඔහු ඇතුලු පවුලේ සාමාජිකයින් නිවස තුල රැදී සිට තිබුණා.

මහා පිපිරීමත් සමග දැඩි කම්පනයක් පමණක් දැනී දිවි ඛේරාගත් ශවුන් පසුව පිටතට පැමිණි විට දුටුවේ සතර වටින්ම කිලෝමීටර ගණනාවක් විනාශවී ගිය ලෝකයයි.

එම අවාසනාවන්ත මතකය අවස්ථාවේ මෙම බොන්සායි ශිල්පියා සතුව පැවැති පරපුරෙන් ආරක්ෂා වූ බොන්සායි ගසක්ද රැදී තිබුණා.
වසර 400 ක් පැරණි එම ගස පසුව ජනාප අමෙරිකානු සබදතා වෙනුවෙන් සංකේතයක් ලෙස අමෙරිකාවට ලබාදීමටයි මසාරු යමාකි පියවර ගෙන තිබුණේ.

න්‍යෂ්ඨික බෝම්බයෙන් විස්මිත ලෙස ආරක්ෂා වූ මසාරු පවුලේ වසර 400 ක් පැරණි බොන්සායි ගස අද වොෂින්ටන්යේ අමෙරිකානු බොන්සායි මධ්‍යස්ථානයේ රදවා තිඛෙනවා.

එම ගස දෙරට අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව දෙවන ලෝක යුද්ධියේ න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂා වී ජීවත්වන ශාඛයක් ලෙසද නම් කර තිඛෙනවා.

මේ එම විස්මිත පවුලේ විස්මිත බොන්සායි ශාඛයයි.

hiroshima bonsai tree national arboretum

hiroshima bonsai tree national arboretum

Related posts:

Comments

comments