පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්ගේ ඉල්ලීමට ලoකා ඊ වොයිස්හි සම්පූර්ණ එකඟතාවය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ  විසින්  වරාය සේවක  අරගලයට  සහය පල කිරීමට   එකගතාවය ප්‍රකාශ කර ඇති අතර මෙම වරාය සේවක අරගලය වෙනුවෙන් සහය පල කිරීමට ලංකා ඊ වොයිස් වෙබ් අඩවියද  පුර්ණ එකගතාවය ප්‍රකාශ කර සිටින අතර පාඨක ඔබගෙන්ද  , දේශපාලන පක්ෂ , වෘත්තීය ව්‍යාපාරයන්ගෙන්ද  රටේ සමස්ථ පුරවැසි  ඔබ ගෙන්ද සහය අපේක්ෂා කොට සිටින්නෙමු.

ඔව් ඔවුන් නිල් බලකායේ වෙන්න පුළුවන් , මහින්දගේ වහල්ලු වෙන්න පුළුවන් ඒක අපට අදාල නෑ ඔවුන් තව දුරටත් වහල්භාවයේ රැදෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔවුන්ගේ පෞද්ගලික අභිලාශය මත තීරණය විය යුතුය. ඒ පෞද්ගලික අභිලාෂයට අප ගරු කල යුතුය .

මෙතන පවතින්නේ  අපේ පංතියේ මිනිස්සුන්ගේ සටනකි. ඒ නිසා තමයි අද ඔවුන්ට සටන් කරන්නට වෙලා තියෙන්නේ  අන්න ඒ දේ තේරෙන නිසයි ලංකා ඊ වොයිස් අපි හැමදාම පීඩකයාගේ පැත්තේ  නැතිව  පීඩිතයාගේ පැත්තේ   හිට ගත්තේ සහ හිට ගන්නේ.

ඔව් මහත්තුරුණේ අපි  හිට ගන්නේ පිඩිතයින්ගේ පැත්තේ විතරයි. ලංකා ඊ වොයිස් කියන්නේ පීඩිතයින්ගේ හඩයි.

පහතින් පළවෙන්නෙ පුබුදු ජයගොඩ විසින් කරන ලද ප්‍රකාශයයි.

හම්බන්තොට වරායේ සේවකයන් වැඩවර්ජනය නවතා 15වැනිදා සවස 2 වනවිට සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව නිවේදනය කර තිබේ. ඔවුන්ගේ ඉල්ලීම් කුමක් වුවත්, ඔවුන්ගේ ක්‍රියාමාර්ග කුමක් වුවත්, ඔවුන්ගේ දේශපාලන නායකත්වය කවුරුන් වුවත්, එය නොතකා මේ මොහොතේ වර්ජකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ආණ්ඩුව අත තබන්නට සැරසෙන්නේ කම්කරුවන්ගේ වැඩවර්ජනය කිරීමේ අයිතියටය. සාමූහිකව කේවල් කිරීමේ සහ අරගල කිරීමේ අයිතියටය. ඊට ඉඩ නොතැබිය යුතුය. පසුගියදා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනයේදී ආණ්ඩුව මේ අත්හදාබැලීම කරන්නට සැරසෙන විට එය පරාජය කිරීමට රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සමත් විය. මෙවරද මේ උත්සාහය පරාජය කළ යුතුය. මේ තර්ජනය හමුවේ නිහඬව සිටීම මහා පාවාදීමකි.

 

පුබුදු ජයගොඩ.
Related posts:

Comments

comments