නයිජීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ දරුවන් 75,000කට මන්දපෝෂණය

බොකෝහරාම් ත්‍රාස්තවාදින්ගේ පාලනය යටතේ පැවති නයිජිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 75, 000කට අසන්න පිරිසක් සිටින බව යුරෝපා සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙම පිරිසට කඩිනමින් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබානොදුනහොත් ඔවුන් මිය යා හැකි බවයි.

බොකෝහරාම් අන්තවාදීන්ගෙන් නිදහස් කර ගැනුණු නයිජිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ මිලියන 14ක් වන ජනගහනයෙන් ලක්ෂ 4ක්ම ළමයින් වනවා.

Related posts:

Comments

comments