දවල් හීන ( අපේ කයි බයියන් රාළ ) – Gamini Ranasinghe

 

අපේ පූස් තඩියාගේ ඉස්සෙල්ලා නම පූතයියා .
ඒ කියන්නේ පූස් අයියා ………ආදරේට හා සුඛෝච්චාරනේට පූතයියා වෙලා.
රෑට මිනිහා අවලමේ යනවා
එතකොට සමහර වෙලාවට කලාතුරකින් මීයා එනවා..පූතයියා දවල්ටත් සමහර දවස්වල නෑ .
උදේට දවල්ට පිඟානක් හෙලවෙන්න බෑ .
ඤා………………………………..වූ ගාගෙන එනවා.
සින්දු කියන්නත් පුලුවං ඇති
ඤා……………..ව් සද්දේ විනාඩි බාගයක් විතර අදිනවා
.හිතුනු ගමන් ඇදං පුටු උඩ නිදි
කොහොම වුනත් මූ නොහිටින්න අනික් ගෙවල්වල මීයෝ අපේ ගෙදර පදින්චියට එනවා.මෙයා හින්දයි උන්ට වීසා නැත්තෙ.
මෙයා නැත්තං අහලපහල ගෙවල්වල පූසන්ට රණ්ඩු කරන්න කෙනෙක් නැතිවෙනවා.
පූසියන්ට මිනිහෙක් නැතිව අනාත වෙන්න වෙනවා .
අහල පහල කොහේ ගියත් මූට හරි සැලකිලි. මීයො නිසා. අල්ලන්න වෙන්නෙ නෑ. මීයෝ අතුරුදහං වෙනවා .
බෙල්ලේ ටීක් බෝලයක් ඔබන්න තරන් තුවාලයක් හැදුනාම
කටින් සෙම පෙරෙන තරන් ලෙඩක් හැදුනම
මම තමයි වෙදා .
වෙට් ගාවට ගෙනියන්න බයයි .ඒ ගොල්ලගෙ බේත් ටක් ගාලා අහනවා.හොඳවැඩිකමටද කොහෙද පූසො සෙත්ත පොච්චි වෙනවා.එහා ගෙදර පූසාවත් දිව්‍ය ලෝකෙඇරියේ ඔය අති ශූර වෙට් තමා .
මට තේරෙන විදිහට නම් පූසො මීයන්ටයි වෙට් පූසන්ටයි කොරන්නෙ එකම දේ. හැබැයි වෙට් සල්ලි ගන්නවා.ඒකයි වෙනස.
හදිස්සියේ පිලිකාවක් , අන්සබාගේ වගේ ලෙඩක් හැදුනොත් මමත් බේත් ගන්නඉන්නෙ ඔය වෙට් ගෙන් තමා.
පූස් තුවාල වලට හොඳම බේත කැටවල තුවාල තෙල .
හොඳටම අමාරු නං තෙල් උඩට ඇමොක්සිසිලීන් කරලකින් ටිකක් දානවා.
පූසගේ අත උඩට තෙල් දාලා ඒක උඩට ඇමොක්සිසිලීන් කරලක් කඩලා දැම්මම අනික් ලෙඩ හොඳවෙනවා.ලෙවකනකොට බේත් නිකම්ම බඩේ
ඒකට අපි කියන්නෙ බොන බෙහෙත.
පොඩිකාලේ නං ගෙදරමයි හිටියේ .
නාම්බ වුනාම ගෑනුවිසේ ඔලුවට ගැහුවෙ. අවේලාවේ වීදි සංචාරය පටන්ගත්තේ ඊට පස්සෙනේ.ඒකේ ආදීනව නොඅඩුව ලැබෙනවා
අපි ඌට
වැරදුනා , එතුමාට
ගැලපෙන නමක් දැම්මා.
ඒක තමයි
කයි බයියන් රාළ
කන වෙලාවට විතරක් ප්‍රසන්ට් .අනික් වෙලාවට ඇබ්සන්ට් නිසා
නම කයි බයියන් රාළ වුනත්
කන්නෙ මස් , මාළු , සැමන් කරෝල විතරයි
හොඳට අනල දුන්නොත් සැමන් එක්ක බත් කැවෙනවා .
මම හිතන්නෙ මෙයා ශාඛ්‍ය වන්සෙ . ඒකයි බත් විස. දැන් බැලුවාම බළල්ලුන්ට අපිට වඩා සැපයිනේ.
කනවා . අවලමේ යනවා . හිතුනාම වගේ වගක් නැතිව නිදාගන්නවා .

අපේ
කයි බයියන් රාළ

Related posts:

Comments

comments