රුවක අරු­මය

ඇලී පැට­ලුණි
රම්‍ය වූ රූ සිඟි­ත්තක්
මගේ නෙත් ජාලයේ;
බලා සිටි­යෙමි
දුරින් ඉඳ­ගෙන
නොහෙළා ඇසි පිය…

නොසෙල්වී හිටි වනම
නොතිත් වූ මා
ළඟා විය ඇය වෙතට
ඇගේ නෙත් මාන­යට
ඇගේ නිල් නයන යුග
මගේ රුව සිත්තම් වන තෙක් ම
ළං වුණෙමි
බලා සිටි­යෙමි විප­ර­මින්
මගේ ඇස දහ දියෙන්
පිරී ඉති­රෙන තෙක් ම

මහා අරු­මෙකි;
නෙත විඩා­පත් කළ ඇය
සැබෑ සෙව්ව­න්දි­යක් නොව
නිපුණ ශිල්පි­යකු අත
ප්ලාස්ටික් කම්හ­ලක
රුවට පිපුණ මල් අතර
එක­මත් එක මලක් පමණි

|නාවි සම­ර­වීර

Related posts:

Comments

comments