අල්ලස්‌ කොමිසම – අධිකරණය – පොලිසිය යහපාලනයෙන් පිට පැනලා

යහපාලන රජයේ අභිලාෂයන්ට සහ පරමාර්ථයන්ට අනුව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම, අධිකරණය සහ පොලිසිය වැනි ආයතන කටයුතු නොකරන බවට මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළේය.

මේ හේතුව නිසා ජනතාව අපේක්‌ෂා භංගත්වයට පත්ව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

අල්ලස්‌ කොමිසමේ හෝ පොලිසිය හෝ අධිකරණය හෝ කුමන ආයතනයක හෝ ජනතා අභිලාෂය අනුව යුක්‌තිය ඉටුකිරීමට අකමැති සහ අපොහොසත් අය සිටී නම් ඔවුන් ඉවත් වූවාට කිසිදු ප්‍රශ්නයක්‌ නොමැති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

Related posts:

Comments

comments