දූෂිත නිලධාරින් තවමත් මෙහෙය වන්නේ ගාමිණි සෙනරත්

ජනවාරි 8වෙනිදා අලුත් ජනාධිපතිවරයෙක් බලයට පත්වූවාට ඒ ජයග්‍රහණයත් සමඟම අපිට පෙනෙනවා කිසියම් පරාජයක් ද පැටලී ඇති බව. ඒක තමයි අද අවුලක් බවට පත්වී තිබෙන්නේ. දින 100 ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කියන එක ඇත්ත වශයෙන්ම ජනාධිපති වරණයට දින නියම කලාට පසුව සැලසුම්වන එකකි. ඒ දින 100 ආණ්ඩුව පවත්වාගෙන යන්නට සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂට හිතවාදි මහජන නියෝජිතයින් බහුතයක් නියෝජනය කළ පාර්ලිමේන්තුවේ ය. එවිට ජනවාරි 8වෙනිදා ප්‍රධන වශයෙක් අපේක්ෂා කළේ වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්නට ය. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ සාධනිය මට්ටමකින් ඉටුකර ගැනීමට ඒ පාර්ලිමේන්තුව තුළ අවකාශයක් ලැබෙන්නේ නැත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවත්, එහි අප්‍රමාණ අඩුපාඩුකම් මෙන්ම එහි තිබෙන්නට අවශ්‍ය ශක්තිය හිනකර තමයි, ජනාධිපතිවරයාට ඒ මහජන නියෝජිතයින් සහාය වන්නෙ. ඒ අවස්ථාවේ දි ඒ බොහො දෙනෙක් තැතිගෙන සිටියේ මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුවහොත් සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම තමන්ට අත්වේය යන හැගීමෙන්. මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඒ ආණ්ඩුවෙන් එලියට එන්නට ප්‍රතිඥා දී තිබුණු බහුතරයක් එනම් 95%ක්ම එළියට ආවේ නැත්තේ කොහොම හරි අපි දිනනවා, එසේ නොහැකි වුවහොත් බලෙන් හරි රාජ්‍ය බලය ලබාගන්නවා යන තර්ජනයට ඇතිව ය. ඇත්ත වශයෙන්ම යම්කිසි ආකාරයකට මෛත්‍රිපාලන සිරිසේන මහත්තයා ජයග්‍රහණය ලැබිම ගැන ඒ අය සලිතවි සිටිය හ. මට වැටහෙන ආකාරයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති පදවිය ජනාධිපතිවරයාට පවරාදිමෙන් රාජපක්ෂ කළේ දේශපාලන රැකවරණයක් සලසා ගැනීම ය. ඒ දේශපාලනික රැකවරණයට, නැත්නම් ඒ උගුලට යම්කිසි ආකාරයකට ජනාධිපතිවරයා හසුවිය. ඒ නිසා ඔවුන්ට දේශපාලන රෑකවරණයක් ලැබෙන අතර ඒ නිසාම ඔවුන්ට හැකියාවක් ලැබෙනවා පාර්ලිමේන්තුව විසුරාවා හරින්නේ නැතිව ඇතැම් පුද්ගලයින්ට විශ්‍රාම වැටුප් ලැබෙන තුරු පාර්ලිමේතු සැසිවාරය පවත්වාගෙන යෑමට. තවත් අයට තමනට දේශපාලනය බලය උපරිම කාලයක් භුක්ති විදින්නට හැකි ආකාරයේ නැවත මහින්ද සමග නැගිටිමු කියලා ව්‍යාපාරයක් පටන් ගන්නට නිර්මානය හැකියාව ලැබේ.

මහින්ද සමග නැගිටිමු කියලා නුගේගොඩින් රුස්වීමක් පටන් ගත්තේ ය. ඒකෙන් ගම්‍ය වූදේ තමයි මහින්ද රාජපක්ෂ ඒ වන විට වැටි සිටි බව. ඒ අවස්ථාවේ දි ජනාධිපතිවරයා හෝ ඒ පක්ෂයේ සභාපතිවරයා අනුගමනය කළ පිලිවෙත නිසා සිදුවෙනවා අවසානයේ දි පරාජිතයන්ට නැවත දේශපාලන බලය වෙනුවෙන් බලපෑම් කිරිමට පෙරමුණට එන්නට මාවතක් සලසා ගන්නට. අගෝස්තු 17 මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදෙන්නට සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයාගෙන් සිදු වූ බරපතල වරද නිසා ය. ඔහු ජනවාරි 8වෙනිදා දුන් ප්‍රතිඥාවන් යම්කිසි ආකාරයකට උල්ලංඝණය කිරීමක් සිද්ධ වේ. ඒ වෙනුවෙන් ඔහුට විශාල වන්දියක් ගෙවන්නට අවසානයේ සිද්ධ වේ. ඒ වන්දිය තවමත් ඔහු ට ගෙවන්නට සිද්ධ වී ඇත. අද වෙනවිට රටේ දේහපාලන යථාර්තය දෙස බලන විට අපිට පෙනෙනවා දෙපාරක් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ ඉදිරියට එන්නට වෙර දරන බව. යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් පුරවැසියන් දල්වාගත් බලාපොරොත්තු බිඳ දැමිමක් මෙන්ම සහාසික කුමන්ත්‍රණයක් දියත් කරන්නට කටයුතු කරන ආකාරයක් ඒ අනව පෙනෙන්නට තිබේ.

අද ජනාධිපතිවරයාට සිදුවී තිබෙන්නේ අර ජනවාරි 8වෙනිදා ප්‍රතිඥාවන් ඉටුකිරීම සමගම මේ බල අරගලය යම් ආකාරයකට කළමනානරණය කරගන්නට. මේ තුළ මේ රටේ පුරවැසියෝ තුළ විිශාල අපේක්ෂා භංගත්වයක් ඇති වී තිබේ. දැන් මේ පරාජිත බලවේගය ඔවුනගේ සටනක් පාඨය බවට පත්කරගෙන තිබෙන්නේ කුමක් ද? ඔවුන්ගේ සටන් පාඨය තමයි අපේ රටේ පැවති යුද්ධය අවසන් කළ රණවිරුවන් දංගෙඩියට දක්කනවා කියන අදහස. බටහිර ජාතින්ට අවශ්‍ය ආකාරයට අපේ රට පාලනය කරනනට දීන විදියට ගැති වී තිබෙනවා යැයි ඔවුහූ කියති . මෙබඳු ප්‍රලාප තමයි ගොඩනගන්නේ. අපි දන්න ආකාරයට යුද්ධය නිසා මේ රටේ සාමාන්‍ය ජනතාව තමයි වැඩියෙන්ම පීඩා වින්ඳේ. හමුදාවට බැඳුණේ සාමාන්‍ය පවුල් වල දරුවන් ය. ඒ පවුල් වලට තමයි දරුවන් අහිමි වූයේ. ලේ වගුරුවන්නට සිද්ධ වූයේ. මේ රටේ දිළිඳාු පවුල්වල දරුවන්ට ය මේ දේවල් සිද්ධ වුනේ. මේ යථාර්තය තුළ රණවිරුවන් දංගෙඩියට දක්කනවා කියන කථාව එක්තරා ආකාරයකට මිනිස්සුන්ව සලිත කරති. ඒත් අපි තර්කානුකූලව කල්පනා කර බැලූ කල යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂට කරන්නට යැයි කියා කියූ දේ බටහිර රටවල් නොව මේ රට තුළ දැන උගත් ජනතාව කියූ දේ ය. ජාතිය එක් සේසත් කිරිම සඳහා නායකත්වය ලබාදෙන්න යන්නයි ඉල්ලිම වූයේ.

ජාතිය එක් සේසත් කළ යුත්තේ නැවත ලේ වගුරවන්නේ නැති රටක් අපිට අවශ්‍ය නිසා ය. අනාගතයට අවශ්‍ය නිසා ය. එහෙත් ඒ යුධ ජයග්‍රහණයෙන් පස්සේ ඒ ප්‍රතිඥාව ඉටුකිරීමට ඔහු අසමත් වේ. ඔහු කල්පනා කළේ යුධ වීරයා හැටියට මේ රට මගේ යන සිතුවිල්ලෙනි. මට අවශ්‍ය ආකාරයට මේ රට පාලනය කරන්නට පුළුවන. ඔහු දෙවැනි වතාවට බලය ට පත්වූවාට පසු අසීමිත ලෙස දූෂණය රටේ ඉහවහා ගියේ ය. අද වෙනවිට ජනතාව තුළ ප්‍රශ්නයක් තිබෙනවා කෝ ජනවාරි 08 කියු හොරු ඇල්ලුවාද යන. ඇත්තටම ඒ රාජපක්ෂ පාලන සමයේ දූෂණයේ ස්වභාවය දෙස බලන විට ජනතාවට අවශ්‍ය තරම් ඉක්මනට ඒ දූෂිතයින් අධිකරණය ඉදිරියට පමුණුවන්නට අසීරු බව පෙනේ. දැන් සමහර වෙලාවට අධිකරණයට ඉදිරිපත් කරන්නේ මිලියන 50ක්, මිලියන් 75ක්, අක්කර 1. 5 ඉඩමක්, ැනීම වගේ දෙවල් ය. එවිට මිනිසුන්ට තව ටිකක කේනිති යති. මේවාද කර තිබෙන සොරකම්. අපි තේරුම් අරගන්නට අවශ්‍යයි දැනට වසර 30කට එහා පැත්තේ සිටි දේශපාලනණඥයෝ විසදියට නොවෙයි මේ අය වැඩකර තිබෙන්නේ. ඒවා නීතියේ රාමුවට නතුකර ගන්නවා කියන එක හිතින් හිතා ගන්නටවත් අසීරුය. ඒ නිසා මේ නිතියේ රැහැනට හසුවෙන දේවල් ගැන ජනතාවට සෑහිමට පත්වන්නට බැරි වී තිබේ.
මෙකට අදාල තව යථාර්තයක් තිබේ. උදාහරණයක් ලෙස ගතහොත්. වැඩියෙන්ම බරපතල දූෂණ සිද්ධ වූයේ, රාජ්‍ය මුදල් අවභාවිතා වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ය. විශාල කැබිනට් මණ්ඩලයක් සිටියාට ඒ කැබිනට් එකේ සිටියේ නිකම් පඹයෝ වගේ පිරිසකි. බැසිල් රාජපක්ෂ තමයි රාජ්‍ය මුදල් සියල්ල තමන්ට අවශ්‍ය ආකාරයට කළමනාකරනය කළේ. එවිට ඒ ජනාධිපතිවරයාගේ නියෝජතයෙක් හිටියා ගාමිණි සෙනරත් කියලා. ඔහු තමයි මේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ ප්‍රධාන චරිතය. මේ මෑත දී ඔහුට සම්බන්ධ ගිණුම් 80ක් තිබෙන බව අනාවරණය වී ඇත. මේ ගිණුම් 80 පිළිබඳ පරික්ෂා කිරීමට නිතිය ක්‍රියාතමක කරන ආයතන උත්සහා කරන විට ඒවාට විශාල බාධා පැමිණවීම් සිදු වේ. කොහොමද ඒ බාධා පැමිණවීම් සිද්ධ වෙන්නේ. මෙන්න මෙතන තමයි අපි තේරුම් ගන්නට ඕනේ අර එක්සත් ජනතා නිදහස් සන්ධානය සභාපති පදවිය සහ පක්ෂයේ සභාපත් පදවිය මෛත්‍රිපාල සිරිසේන මහතාට පවරා පු උගුලේ තිබෙන බැරෑරුම්කම. වර්තමාන කැබිනට් මණ්ඩලයේ බලගතු අමාත්‍යාංශ පදවි දරන්නේ මහින්ද රාජපක්ෂගේ කැබිනෙට්ටුවේ හිටපු දූෂිත මහජන නියෝජිතයෝ ය. ඔවුන් පමණක් නොව රාජපක්ෂකරණය වී හිටපු මේ රටේ සිවිල් නිළධාරින් ද ඒවාට සම්බන්ධ ය. පසුගිය දා පුවත් පතක පලවී තිබෙනවා බැසිල් රාජපක්ෂට අයත් ආයතනයක දුෂණයක් හා සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කිරීිමටය තිරණය කළ නිලධාරින් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගතහොත් රාජ්‍ය නිලධාරින් පිරිසක් තනතුරු වලින් ඉවත් වන බවට. ඉතිහාසයේ කවදාකවත් මේ රටේ රාජ්‍ය නිලධාරින් ආණ්ඩුවට මේ ආකාරයේ බලපෑම් කර නැත. රාජපක්ෂකරණ ක්‍රියාවන් තවමත් මෙහෙය වන්නේ කවුද ? මේක මෙහෙයවන්නේ ගාමිණී සෙනරත් ය.

යහපලනය කියන අදහස ක්‍රියාවට නගන්නට අවශ්‍ය ප්‍රධාන චරිත හැටියට සළකන රාජ්‍ය නිලධාරින් තවමත් හසුරුවන්නට මේ දූෂිත නිළධාරින් සමත් වී තිබේ. මේක අපි හිතනවාට වඩා භයානක තත්ත්වයකි. අනික් කාරණාව තමයි මේ කරපටි මාරු කරගන්නා වූ නිලධාරින්. සැලකිය යුතු පිරිසක් මේ වනවිට මහින්ද රාජපක්ෂ ලග ඉඳලා පරම්පරා ගණනකට හරිහම්බකරගත් පුද්ලයින් කරපටි මාරුකරගෙන මෙ ආණ්ඩුවේ ඉහල පදවි දරති. මේ පුද්ලගයින් මුලු කාලයම කැප කරන්නේ අර දූෂණ වංචා විමර්ශන අඩාල කරන්නට ය. ලිපිගොණු අස්ථානගත කරන්නට ය. ඒ පරික්ෂණ කරන නිලධාරීන්ට මොන ආකාරයට හෝ අල්ලස් දී ඔවුන්ව ග්‍රහනයට නතුකර ගන්නට. ඒ නිසා මේ ආණ්ඩුව මේ ආකාරයට පවතින එකත් අද වෙනවිට එක්තරා ආකාරයේ ආශ්චර්යකි. මේ නිසා තමයි අපි කල්පනා කරන්නේ මේ රටේ සිවිල් සමාජය ශක්තිමත්ව ඒකරාශිවිය යුතු බව. අපේක්ෂා භංගත්වයට පත්වී මේක අතහැරියොත් මේ දූෂිත බලවේග වලට අභිමත ආකාරයට පරණ පාලනය නැවත ස්ථාපිත කරගැනීමේ හැකියාවක් ලැබේ. ඇත්ත වශයෙන්ම ජනවාරි 08වෙනි දා මේ රටේ දේශපාලනඥයින්ට යහපාලනයක් අවශ්‍ය වී තිබුණේ නැත. නීතියේ ආධිපත්‍ය පිලිබඳ න්‍යාය පත්‍රයක් ඔවුනට තිබුණේ නැත. දූෂණය පිටු දැකීම ඔවුන්ට අවශ්‍ය වී තිබුනේ නැත. ඒක අවශ්‍ය වූයේ මේ රටේ සිවිල් සමාජයට ය. නීති ගරුක පුරවැසියන්නට ය. කෙසේ හෝ නිති ගරුක පුරුසියන්ගේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කළේ ය. ඒත් පුරවැසියෝ හැටියට අපිට කරන්නට පුළුවන් වී තිබෙන්නේ පවතින දේශපාලන සන්දර්භය තුළ ය. ආණ්ඩුවක් පරාජයට පත් කිරීම පමණයි අපිට කළ හැකි වන්නේ. පුරවැසියෝ ලෙස අපිම කරගන්නා බරපතල වරදක් තිබේ. ඒ වරද තමයි අපිට ගැලපෙන නායකයින්ව අපිට තෝරාපත්කර ගන්නට නොහැකිවීම. අර ප්‍රසිද්ධ කියමන අනුව අපිට තේරුම් ගැනීමට සිදුවී තිබෙනවා අපේ හැටියට තමයි අපිත් නායකයින්ව තෝරාගෙන තිබෙන්නේ. ඒක වෙනස් කරගන්නා තුරු මෙවැනි ප්‍රශ්ණවලට අපිට මුහුණ දීමට සිදුවේ .

|මහාචාර්ය සරත් විජේසූරිය

Related posts:

Comments

comments