ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ අල්-ඩීහනී

2016 රියෝ ඔලිම්පික් තරගාවලියට නිදහස් ඔලිම්පික් ක්‍රීඩකයෙකු ලෙස එක්වූ ෆිහායිඩ් අල්-ඩීහානි වෙඩි තැබීමේ (double trap) පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත්වීමත් සමග නිදහස් ඔලිම්පික් ක්‍රීඩකයෙකු ලෙස ඔලිම්පික් තරගාවලියට එක්ව රන් පදක්කමක් හිමිකරගත් පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක්විය.

කුවේට් ජාතික අල් ඩීහානිට මෙවර ඔලිම්පික් තරගාවලියට නිදහස්/ස්වාධීන ඔලිම්පික් ක්‍රීඩකයෙකු ලෙස තරග කිරිමට සිදුවූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් කුවේට් ඔලිම්පික් කමිටුවට ඔලිම්පික් තරගාවලිය එක්වීමට තහනමක් පනවා ඇති හෙයිනි.

එසේම ඩීහානි ලබාගත් මෙම පදක්කම 1992 වසරේ බාසිලෝනා ඔලිම්පික් තරගාවලියෙන් පසුව ක්‍රීඩකයෙක් ලබාගත් පළමු ඔලිම්පික් පදක්කම ලෙසින්ද ඉතිහාසයට එක්විය.

ඩිහානි කුවේටයේ හමුදා සෙබළෙකුද වෙන අතර  නිදහස් ඔලිම්පික් ක්‍රීඩකයෙකු ලෙස ඔලිම්පික් ලෙස ඔලිම්පික් ධඡය රැගෙන යාමට තමන් වෙත කරනු ලැබූ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ ‘ මම හමුදා සාමාජිකයෙක්. මම රැගෙන යන්නේ කුවේටයේ කොඩිය පමණයි ‘ යනුවෙනි.

2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීවේ ඉසව් සඳහා එක්වෙමින් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගත් අතර එම තරගාවලියට ඔහු ක්‍රීඩා කරනු ලැබුවේ කුවේටය නියෝජනය කරමිනි.

(දේශපාලන ගැටලු, ජාත්‍යන්තර තහනම් කිරිම් හේතුවෙන් කිසියම් රටකට ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වූ විට ඒ රටේ ක්‍රීඩකයන්ට ඔලිම්පික් ධඡය යටතේ තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙන අතර එම අවස්ථාව ලබන ක්‍රීඩකයන් ස්වාධීන නැතහොත් නිදහස් ඔලිම්පික් ක්‍රීඩකයන් ලෙසින් හඳුන්වනු ලබයි )

Related posts:

Comments

comments