‘බැසිල් බන්ධනාගාරයට ගියාම හතරගාතේ දාලා වැටෙනවා’ ඇමැති පී.හැරිසන්

“බැසිල්ගේ එක නඩුවකට ඇප දිලා තියෙනවා. තව තියන  චෝදනාවල කෙලවරක් නැහැ.මම හිතනවා තව වාර ගණනාවක් ඒ පැත්තට යන්න වෙයි කියලා” යැයි ග්‍රාමිය කටයුතු ඇමැති පී.හැරිසන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද අම්බලන්තොට රිදියගම රජයේ සත්ව ගොවිපළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසු මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පීලිතුරු ලබා දෙමිනි.

“බැසිල් මහත්තයා එළියේ ඉන්නකොට වීරයෙක් වගේ බන්ධනාගාරයට ගියාම හතර ගාතේ  දාලා වැටෙනවා. රෝහල් ගතවෙනවා. දැන් එළියට ආවා වීරයෙක් වගේ කෑගහවී. සරත් ෆොන්සේකා වසර දෙකක් කූඩු කරගෙන හිටිය වගේ මේ අයත් තියාගන්න එපාය එහෙමනම් නෑ. අපේ රටේ අධිකරණය ස්වාධීනයි ස්වාධීන තින්දු තීරණ ගන්නවා. හිරුණිකාට අධි චෝදනා භාරදිලා තියෙනවා. වරදක් කරල තියෙනවානම් දඬුවම් ලැබෙන්න අවශයයි.තරාතිරම අවශ්‍ය නැහැ.

විමල්  විරවංශයි, ගම්මන්පිලයි. මාධ්‍ය ඉදිරියට ඇවිත් තප්පුලනව මොනවා හරි කිය කියා. ඉන්දියාව යා කරන පාළමක් හදන්නේ නැහැ. එක් එක් අයගේ අදහස් තියෙන්න ඇති රජයක් වශයෙන් තින්දු කරල නැහැ.ඉන්දියාවෙන් ලෙඩ එනවාලු. ලෝකයේ ලෙඩ වැඩියෙන්ම අපේ රටට එන්න එපාය. ලෝකයේ හැම තැනම  අපේ අය ඉන්නව නේ. මේවා බොරු කතා.

ලෝකයෙන්ම ණය අරගෙන රාජපක්ෂවරු වැඩක් නැති සංවර්ධන ව්‍යාපෘති හදලා නම ගැහුවා එපමණයි කලේ. දැන් අපිට වෙලා තියනවා ඒ ණය ගෙවන්න ඉතින් ජනතාවටත් මේ බර ඇවිත් තියෙනවා. තව ටික කාලෙකින් ජනතාවගේ බර නිදහස් කරනවා.මේ වැඩක් ගන්න නැති ඒවායින් වැඩ අරගෙන රටේ ආදායමක් උපදීමට කටයුතු කරන්න අවශ්‍යයි.”

Related posts:

Comments

comments