Google සමාගම ඇපල් ෆෝන් එකට අලුතින්ම App එකක් හඳුන්වා දෙයි | Video

ගූගල් වලින් ඕනෑම දෙයක් පටස් ගාලා අපිට හොයාගන්න පුළුවන්. එකනේ ගූගල් අංක එක වෙලා තියෙන්නේ. ගූගල් සමාගමේ මේ දියුණු තාක්ෂණයේ තවත් පියවරක් තමා ස්මාර්ට් ජංගම දුරකතන වලන ඇවිත් තියෙන අලුත්ම App එක.

මේ App එක ලංකාවේ අය නම් දැනගන්න විදියක් නැහැ. මොකද මේක තාම ලංකාවට ඇවිත් නැති නිසා. මේ App එක තමා Google’s Gboard.

සාමාන්‍යයෙන් අපි කාත් එක්ක හරි මොකක් හරි App එකකින් chat කරනකොට ගූගල් හරි youtube එකේ හරි ලින්ක් එකක් දාන්න ඕන වුණා කියමුකෝ. අපි කරන්නේ ගූගල් හරි youtube එකට හරි ගිහින් ඒ ලින්ක් එක කොපි කරලා චැට් කරන තැනට පේස්ට් කරන එක.

හැබැයි Google’s Gboard App එක ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා නම් එහෙම කරන්න ඕන වෙන්නේ නැහැ. චැට් කරන තැනම අවශ්‍ය ලින්ක් එක හෙව්වා send කළා.

මේක ඕන දෙයක් සොයලා දෙන කී බෝර්ඩ් එකක් කිව්වත් වැරදි නැහැ.

ඒ වගේම මේ කී බෝර්ඩ් එක හුඟක්ම වැදගත් වෙන්නේ ඇපල් ෆෝන් වලට. මොකද ඇපල් ෆෝන් වල එන කී බෝර්ඩ් එකේ තියෙන අඩුපාඩු නිසා. මේ වීඩියෝ එකෙත් තියෙන්නේ ඒ ගැනයි.

 

 

ගොසිප් කින්ග්

Related posts:

Comments

comments