ෆෙඩරල් ඉල්ලීම ජාතිවාදීද?

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මෑතකදී මාධ්‍ය සාකච්ඡවකදී කියල තිබුන විග්නේශ්වරන් (උතුරේ මහා ඇමති ) ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලීම හරහා උතුරේ නැවත ජාතිවාදය අවුස්සන්න ක්‍රියා කරනව කියල. ඒ වගේම උතුරේ ජනයා ෆෙඩරල් ඉල්ලන්නේ නැතැයිද ඔහු කියා තිබුනා.

මේල අලුත් කතාවක් නෙවෙයි. ඒ වගේම ෆෙඩරල් ඉල්ලනවය කියන්නෙ රට බෙදන්න ඉල්ලනවය කියල කියන ගම්මන්පිල-වීරවංශ මතවාදයයි. මේ කතාවයි හරයෙන් ඒක සමානයි.

ජවිපෙ ජාතික ගැටලුව කියල නොයෙක් විට පාවිච්චි කරනවා මම දැකල තියෙනවා. එත් එයට විසඳුම මොකක්ද කියල මෑතකදී කෙලින් කියන්නේ නැහැ.ඉස්සර නම් ඔවුන් කිව්වේ සියලුම ජනතාවට සම තැන දුන්නම හරි කියලයි.සමාන අයිතිය දෙනවැයි කියන ඒක තේරුමක් නැති හිස් ප්‍රකාශයක් බව තෙරිලද කොහෙද ජවිපෙ නායකත්වය දැන් ඒ ගැන වැඩිය කතා කරන බවක් පේන්න නැහැ.
තමන්ගේ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් අප රට තුල ෆෙඩරල් ආණ්ඩු රටාවක් ක්‍රියාත්මක කල යුතුයයි ඉල්ලීමේ තියෙන ජාතිවාදය මොකක්ද? බණ්ඩාරනායක පවා 1926දි ෆෙඩරල් ක්‍රමයක් ගැන කතා කළා, රාජ්‍යයත්වයක් ලැබීම සඳහා වන සියලු අවශ්‍යතා සපුරා ඇති උතුරු නැගෙනහිර දෙමල ජනයා වෙනම රාජ්‍යයක් වෙනුවට ෆෙඩරල් පාලනයක් ඉල්ලීම ගැන අප සතුටු විය යුතු නොවේද? ෆෙඩරල් ක්‍රමයක් ඇති කලොත් රට බෙදී යනවද? ෆෙඩරල් ව්‍යුහයක් තිබු කිසියම් රටක් එවන් ව්‍යුහයක් තිබීම හේතුවෙන් බිදී ගොස් තිබෙනවද?

ඇත්ත වශයෙන්ම ෆෙඩරල් ඉල්ලන්නන් නොව එයට විරුද්ධ වන්නන් ජාතිවාදී බවයි මගේ අදහස.ෆෙඩරල් අදහසට විරුද්ධ වෙන සියලු දෙනා සිංහල ඡන්ද මත පදනම් වූ පක්ෂයි. පහුගිය මහා මැතිවරණයේදී මෙරට දෙමල ජනයාත් ඒ වගේම මුස්ලිම් ජනයාත් ජවිපෙ සහමුලින්ම පාහේ ප්‍රතික්ෂේප කළා. (ජවිපෙට මුළු යාපනය දිස්ත්රික්කයෙන්ම ලැබුනේ ඡන්ද 237යි.)

ඒ නිසා අද අවශ්‍ය වන්නේ දෙමල ජනයාගේ මේ ඉල්ලීමට ජාතිවාදී ලෙසින් විරුද්ධ වීම නොව ඒ සම්බන්ධයෙන් රට තුල ප්‍රජාතන්ත්රවාදී බුද්ධිමය සංවාදයක් සඳහා යොමු වීමයි. දෙමල ජනයා පමණක් නොව සිංහල ජනයා අතර පවා ෆෙඩරල් යෝජනාවක් සඳහා ඇති සහයෝගය එවිට බලාගන්න පුළුවන්.

– Srinath Perera

Related posts:

Comments

comments