විකිරණ කාන්දුවී අතහැර දැමූ භූත නගරයේ සතුන් වෙනුවෙන් ජීවත්වන මිනිස් දෙවියා

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ විකිරණ කාන්දුව ඔබගේ මතකයේ ඇති බව නිසැකය. ඒ 2011 වසරේ ජපානයට බලපෑ ප‍්‍රබල සුනාමි තත්ත්වයත් සමග ඇතිවූ ඛේදවාචකයයි. මේ සමගම ෆුකුෂිමා බලාගාරය ආසන්න කලාපයෙන් සියලුම පදිංචිකරුවන්ද ඉවත් කරන්නට යෙදුණේ බලාගාරයේ විකිරණ කාන්දුව හේතුවෙනුයි. ඒ අනුව එක් ලක්ෂ පනස් දහසක පිරිසක් වහා ප‍්‍රදේශයෙන් ඉවත්ව යනු ලැබුවා. ඒ අනුව ප‍්‍රදේශයේ නගර ගණනාවක්ම ජන ශූනය භූ නගරයන් ලෙසයි නම් කෙරුණේ. එම නගරවල සිටි සතුන් දහස් ගණනක්ද නගරවලම අතහැර දමා යාමට සිදුවුණේ එම සතුන්ටද විකිරණ වලින් හානි සිදුව ඇති බව පවසමිනුයි.ඒ අනුව ජීවිත බේරාගනිමින් මිනිසුන් පමණක් පව‍්‍රදේශයෙන් පලාගියා.

එහෙත් එම සතුන් වෙනුවෙන් තමන් කැපවන බව පවසමින් ඉදිරිපත්ව සිටින එන් නගරවාසියකු පමණක් ප‍්‍රදේශයෙන් ඉවත්ව යාම තරයේ ප‍්‍රතික්ෂේප කළා. ඔහු නමින් නාටෝ මට්සුමාරා. අදටත් විකිරණ කාන්දුව පවතින ටොමිඔ්කා නගරයේ ජීවත්වන එකම පුද්ගලයා වන්නේ ඔහු පමණයි. සාමාන්‍ය පරිදි තම ජීවිතය ගෙන යමින් සිටින ඔහුට මෙම ජන ශූනය නගරවලදී හමුවන්නේ සතුන් පමණයි.

හව් හරණක් අහිමි බල්ලන් , පූසන්, එලුවන්, ඌරන් , ගවයන් පමණක් නොව නගරයේ සත්වෝද්‍යානයේ සියලුම සතුන්ද රැුක බලා ගනු ලබන්නේ ඔහු විසින්මයි. එම සතුන්ට ආහාර පාල ජලය ලබා දෙමින් මේ විකිරණ කාන්දුවූ නගරවල ඔහු සැරිසරන්නේ සතුන් වෙනුවෙන් කැපවූ දෙවියෙක් වැනි ස්වරූපයකිනුයි.

විකිරණ කාන්දුවෙන් පසු ආහාර නොලැබීමෙන් සිය අසල්වැසියගේ නිවසේ ගවයින් 120 දෙනකු මිය ගොස් සිටින දැකීමෙන් පසුවයි නාටෝ මට්සුමාරා තම ජීවිතය සතුන් වෙනුවෙන් කැප කිරීමට තීරණය කර ඇත්තේ.

විකිරණ කාන්දුවූ නගරවල විවෘථව සරණ ඔහු යම් දිනක පිළිකා රෝගී තත්ත්වයකට ගොදුරුව ජීවීතයෙන් වන්දි ගෙවීඹට ඉඩ ඇතත් ඔහු ඒ පිළිබදව කිසිදු තැකීමක් සිදුකරන්නේ නැහැ.

මේ පසුගියදා මාධ්‍ය වේදීන් කිහිප දෙනකු දැඩි ආරක්ෂිත උපාංග සහිත ඇගලුම් සමග භූත නගරයන්ට ඇතුලුවී ලබා ගත් නාටෝ මට්සුමාරාගේ හා ඔහුගේ ආදරණීය සතුන්ගේ ජායාරූප පෙළ

Related posts:

Comments

comments