ට්‍රාන්ස්ෆෝමර් 12ක් පුපුරා යාමේ අවදානමක

බියගම සහ කොටුගොඩ විදුලි උපපොළවල ඇති ට්‍රාන්ස්ෆෝමර් 12ක් පුපුරායාමේ අවදානමක ඇති බව විදුලි බල මණ්ඩලය කියයි.

මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතාගෙන් අප කල විමසීමකදී ඔහු සඳහන් කළේ වර්ෂ 1985 කාලයේ ගෙන්වා ඇති මෙම ට්‍රාන්ස්ෆෝමර් සියල්ල පුපුරයාමේ අවදානමක ඇති බවයි.

පසුගියදා බියගම පිපිරිම සහ ඊයේ කොටුගොඩ උපපොළේ පිපිරීමට හේතුව එම ට්‍රාන්ස්ෆෝමර් වල ටැප් චෙන්ජර් කොටස පුපුරා යාම බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳුදා ජර්මනියේ සිට විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.

දිවයින පුරා විදුලි උපපොළවල ඇතුළු ට්‍රාන්ස්ෆෝමර් විශාල සංඛ්‍යාවක් ඇති බවත් ඒවා කාලයත් සමග අවදානමට ලක්වී ඇද්ද යන්න පරික්ෂා කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

බිය ගම සහ කොටුගොඩ ප්‍රදේශ වලට වෙනත් මාර්ග වලින් මේ වන විට විදුලිය සපයා ඇති අතර වෙනත් මාර්ග වලින් විදුලිය සැපයිය නොහැකි බියගම කිහිප තැනක විදුලිය ඇණහිට ඇති බව ඔහු පැවසිය.

පුපුරා යාමේ අවදානමට ලක්වී ඇති ට්‍රාන්ස්ෆෝමර් යම් හෙයකින් විනාශ වුවහොත් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.
trancefomer-fire

 

thecolombopost

Related posts:

Comments

comments