ලොවක් හැඬවූ ඡායාරූපයේ පසුබිම් කතාව – Video

ආයාචනාත්මක දෑසින් යුතුව දින තුනක් තිස්සේ මිනිසුන් දෙස බලාසිටි අහිංසකාවිය අවසානයේ වේදනාව ඉවසා ගත නොහැකිව මිය ගියාය. ඡායාරූප ශිල්පියා සිය ඡායාරූපය නම් කලේ  ඔමාරියා සංචේස්ගේ මර ළතෝනිය  ලෙසිනි.

ඇය වයස 13 ක දැරියක වූ ඔමයිරා සංචෙස්ය. 1985 කොළෙම්බියාවේ පුපුරා ගිය ඩෙල් රැයිස් ගිනි කන්දේ ලාවා සහ මඩ තට්ටුද, ඇය මත කඩා වැටුනු අති විශාල කොන්ක්‍රීට් තට්ටුවකටද සිර වුනු ඇය, තමා බේරා ගැනීමට උත්සාහ දරන සිය ගනන් සහන සේවකයන් දෙස මෙසේ බලා සිටියාය. විපතෙන් ගම්මාන 16 ක් සුන්බුන් බවට පත්වූ අතර මරන 23,000 ක් වාර්තා වී තිබිණ. නමුදු දින 3 ක් තිස්සේ උත්සාහ කලත් ඇයව යටකරගත් කොන්ක්‍රීරීට් තට්ටුව එසවීමට සහන සේවකයන්ට නොහැකිවිය. තුන්වන දිනය අවසන්වන උදයේ ඇගේ දෑස් ඉදිමී කලූ පැහැයට හැරී තිබිනි. ඒ ඇය විදි වේදනාවේ ප්‍රමාණයයි. ඇයට දිරි දෙමින් සහන සේවකයන් සහ වෛද්‍ය වරු ඇය බේරාගැනීමට තවමත් උත්සාහාකරනා අතර තුර වේදනාවෙන්ම පරිපීඩිතව ඇය මිය ගියාය.

මෙම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා Frank Foumier  මෙම ඡායාරූපය මුලදී පලකිරීමට බිය විය. ඒ ඔමාරියා ඔහුගේ දෑස් ඉදිරිපිට මිය ගිය බැවිනුත්, ගිජුලිහිනියා සහ ළමයාගේ ඡායාරූපය ඉදිරිපත් කල ශිල්පියාට ජනතා අපවාදය නිසා සියදිවි නසා ගැනීමට සිදුවූ කරුනත් මෙනෙහි වීමෙනි. නමුත් ඔමාරියා විදි වේදනාව ලෝකයාට පැවසීමට තීරණය කල ඔහු එය ලෝකයට ඉදිරිපත් කලේය. 1986 Press Photo උළෙලේදී මෙම ඡායාරූපය ඔහුට පළමුවැනි ස්ථානය ලබා දුන්නේය.

Related posts:

Comments

comments