බංග්ලාදේශය අවසන් පූර්ව වටයට

බංග්ලාදේශයේ පැවැත්වෙන වයස 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්වවය ආරම්භ කරමින අද (05දා) පැවැති පළමු තරගයෙන් නේපාලය පරාජය කර කඩුලු 06 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර,19 පහළ ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශ කණ්ඩායමක් එම වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්තාව මෙය වේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 211 ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ 48.2 වැනි පන්දුවාරයේදී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 215 ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්හ.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකරමින් නොදැවී ලකුණු 55 ක් රැස්කර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මෙහෙදි හසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

Related posts:

Comments

comments