2016 දී මධ්‍යධරණී මුහුදට බිලිවූ සංක්‍රමණිකයන් ගණන 5000 ඉක්මවයි

මෙම වසරේ මධ්‍යධරණී මුහුදු තීරයේදී ජීවිතක්ෂයට පත්වූ අනවසර සංක්‍රමණිකයින් ගණන 5,000කට අධික වන බවයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ වූ ඒජන්සිය පවසන්නේ.

ඉතාලි මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවත් ඉන් බොහෝ පිරිසක් මියගොස් ඇති බවට සැක පළකරන බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද වූ ඒජන්සිය පවසනවා.

පසුගිය වසරේදී අනවසර සංක්‍රමණකයින් මිලියනයකට අධික පිරිසක් මධ්‍යධරණී මුහුදේ තුර්කිය හා ග්‍රීසියට ඇතුළු වී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 3,771ක පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මෙම වසරේදී පුද්ගලයින් තුන් ලක්ෂ හැටදහසක පමණ පිරිසක් මධ්‍යධරණී මුහුදු තීරය තරණය කර ඇතත් ඉන් පුද්ගලයින් 5,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ.

Comments

comments