මගීන් 147 ක් ගෙන ගිය යානයක නියමුවා අහසේදී මිය ගිහින්

ඇමෙරිකා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ රාත්‍රී ෆීනික්ස් ගුවන්තොටුපොළේ සිට බොස්ටන් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් සිටිය දී යානයේ ප්‍රධාන නියමුවා මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මිචෙල් ජොන්ස්ටන් නැමැති 57 හැවිරිදි නියමුවකු මෙසේ මියගොස් ඇති බවයි.
යානයේ ප්‍රධාන නියමුවා හදිසියේම අප්‍රාණික වීමත් සමග සහයක නියමුවා යානයේ පාලනය තමන් අතට ගෙන තිබුණා. ඒ වන විට තමන්ගේ ප‍්‍රධානියා සිහි මුර්ජාවී සිටින බව තමන් සැක කළද ඔහු මිය ගොස් ඇති බව පසුව අනුමාන කළ බවයි උප නියමුවා පවසා ඇත්තේ.එම තත්ත්වය හේතුවෙන් ඔහු යානය ආරක්ෂිතව නිව්යෝර්ක් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට කටයුතු කර තිබුණා.
මේ යානයේ මගීන් 147 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු ගමන්කරමින් සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ප්‍රධාන නියමුවා 2006 වර්ෂයේ දී බයිපාස් සැත්කමකට මුහුණ දී සිටි බවත් ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවත් වෛද්‍යවරු සදහන් කර තිබුණා.
Related posts:

Comments

comments