ගෝඨාගේ සට්ටැඹියා කාලතුවක්කු බලකායේ ලොක්කා වෙයි

ගෝඨාභය රාජපක්ෂගේ අංක එකේ සට්ටැඹියෙක් වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ නමැති මෘග චෞර හමුදා නිලධාරියා හෙට සිට කාලතුවක්කු බලකායේ කර්නල් කමඩාන් ධූරයට පත් කිරීමට යන බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි. මෙම පත් කිරීමද යහපාලන සේනාධිනායකයා විසින් පෙරදී සිදුකරන ලද පත් කිරීම් සේම මෛත්‍රී පාලනයකට වින කරන පත් කිරීමක් වන බව ඉඳුරාම කිව යුතුය.
රාජපක්ෂ යුගයේදී අසාධාරණ ලෙස පලිගැනීම් වලට ලක්වූ හමුදා නිලධාරීන්ට සහන සැලසීමට පත් කරන ලද කමිටු වාර්තාව තවමත් ගුදය යට ගසා ගෙන සිටින ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීහු රාජපක්ෂ යුගයේ දූෂිත නරුම නිලධාරීන්ට උසස් වීම් දීමට නම් කිසිදු පසුබට වීමක් නැත.
උතුරේ ත්‍රස්තවාදය තුරන් කිරීමට දායක වූ සැබෑ රණවිරුවන්ට අවමානයක් ගෙන දුන් යුධ අපරාධකරුවන් ට එරෙහිව කටයුතු නොකිරීම /  පුනරුත්ථාපනය නොවීම නිසා, අද වන විට යුධ හමුදාව තුල යුධ අපරාධකරුවන් බලවත් වීමත්,  යුධ හමුදාව තුල අපරාධකාරීත්වය ත්වර වීමත්, සිදුව  ඇත.
එදා, ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම වෙනුවෙන්ම බඳවාගෙන , කුරිරු යුද්ධයට උචිත මානසික හැඩගැස්වීමකට ලක් කල  නිලධාරීන් අද වන විට යුද හමුදාවේ මේජර්, ලුතිනන් කර්නල් වැනි නිලයන්ට පත්ව සිටීන අතර සමස්ථ යුධ හමුදාවේ පාලනයම ඔවුන් සතුව පවතී. හිටපු කොටි ත්‍රස්තයන් පුනරුත්ථාපනය වන නමුත්, යුධ අපරාධකාරී මෙම නිලධාරීන් පුනරුත්ථාපනය නොවී සිටී.
මේ නිසාම එදා උතුරේ සිදුකල යුධ අපරාධ රතුපස්වලදී නැවත රඟ දැක්වූහ.
මෙසේ යුද්ධය වෙනුවෙන් බඳවා ගත් නිලධාරීන්ගේ පරිපාලන කුසලතාවන්, නවක නිලධාරීන් හා සැසඳීමේදී පහත් මට්ටමක ඇත. මේ නිසාම අදල පැරණි නිලධාරීන් දක්ෂ නවක නිලධාරීන්ට එරෙහිව සිය ම්ලේචත්වය මුදා හරිනවා පමනක් නොව ඔවුන් යුධ හමුදාවෙන් හෝ ජීවිතයෙන් පලවාහැරීමට තරම් රුදුරු  වී සිටිති.
දියතලාවේදී දක්ෂතම කැඩෙට් නිලධාරීයා වූ ලහිරු රංජන අභිරහස් ලෙස ඝාතනය වන්නේ මේ නිසා ය. පනාගොඩ කාලතුවක්කු කඳවුරේදී පරිඝනක නිලධාරියා අමානුශික වධ බන්ධනය යටතේ මානසික ආතතියට පත් වන්නේත්, මේජර් එස්. එස්. මුතුමාල විසින් කපිතාන් එරංග හස්තික වෙල්ලන්ගිරිය ට අමානුශික ලෙස පහර දී මරා දැමීමට තැත් කරන්නේත් මේ නිසා ය.

එදා උතුරේ මිරුසුවීල් ඝාතනය වසන් කිරීම සඳහා කටයුතු කල නිලධාරීන්ට එරෙහිව අපරාධ වසන් කිරීම වෙනුවෙන් දඬුවම් හිමී වී නැත. මේ නිසාම බොරු සාක්ෂි මතින්  අපරාධ වසන් කිරීමට ම්ලේච්ඡ අපරාධකාරුවන්ට අනුබලය හිමි වී පවතී

ඊටත් අමතරව අදාල ඝතනයට හෝ ම්ලේච්ඡ වධ බන්ධයට ලක් වන්නන්ට එරෙහිව අසත්‍ය චෝදනා නිර්මානය කිරීමට ද මෙම ම්ලේච්ඡයින් පසුබට වන්නේ නැත. ඒ අනුව මිරුසුවීල් අහිංසක වැසියන්ගේ දර කපන පිහියා , අවි ආයුධ බවට පත් කෙළේය.
ම්ලේච්ඡ යුධ හමුදා නිලධාරීන් සිදු කළ කුරිරු වධ හිංසා වසන් කිරීමට අදාල වින්දිතයාට එරෙහිව අසත්‍ය  චෝදනා නිර්මාණය කරමින්, මලවුන්ට අවමන් කිරීමට තරම් යුධ අපරාධකරුවන් සැහැසි වී සිටිති. දස වධ දී මරා දමා එය සිය දිවි නසා ගැනීමක් බවට නවක නිලධාරියකුට කර ඇති තර්ජනයක් ගැන පැමිනිලි කර ඇතත් එය නොසලකා හැරීම යනු ඉහල නිලධාරීන් විසින් ද අදාල අපරාධකරුවන්ට අනුබලය දී තිබීමයි.
එබැවින් මෙම ම්ලේච්ඡ නිලධාරීන් පුනරුත්ථාපනය නොවීම මගින් මෛත්‍රි පාලනය ට සිදුකරණ විනාශය අතිමහත්ය. ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවෙහි ස්ථාපිත කාලතුවක්කු හමුදා වද කඳවුරේ  සිටි ම්ලේච්ඡ නිලධාරීන් ( ඝාතකයින් ) විසින් සූරියකන්දේදී පාසල් දරු දැරියන් මරා දැමීම නිසා එදා ධර්මිෂ්ඨ සමාජය විනාශ කිරීමට දායක වූ යුධ හමුදා කාලතුවක්කු බලකායේ කර්නල් කමඩාන් ධූරයට මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ නමැති මෘග චෞර හමුදා නිලධාරියා පත් කොට මෛත්‍රී පාලනයද විනාශ කිරීමට ඉඩ නොදීමට බලධාරීන් වග බලා ගත යුතුව ඇත.
-සොල්දාදු උන්නැහේ විසිනි-

 

 

 

ලංකා ඊ නිව්ස්

Related posts:

Comments

comments