ඇන්ඩ්‍රොයිඩ් ‘බග්’ එක දුරකතන බිලියනයකට බලපාලා

පර්යේෂකයන් විසින් ජංගම උපාංග වල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති තුල පවත්නා තාක්ෂණික දෝෂයක් (bug) හඳුනාගෙන ඇති අතර එය ස්මාට්ෆෝන් ඇතුළු ජංගම උපාංග බිලියනයකට පමණ බලපාන බවද පර්යේෂකයන් පවසයි.
මෙම දෝෂය හේතුවෙන් ලබන්නාගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව වුවද ස්මාට්ෆෝන් උපාංගයකට ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් යැවිය හැකි බව පැවසේ.
ඉතා භායානක දෝෂයක් ලෙස පර්යේෂකයන් හඳුනාගෙන ඇති එය මෙතෙක් මතුවූ දරුණුතම ඇන්ඩ්‍රොයිඩ් දෝෂයන්ගෙන් එකක් ලෙසද ඇමෙරිකාවේ දත්ත ආරක්ෂණ සමාගමක් වන Zimpherium විසින් පවසා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල් ආයතනය විසින් පවසා ඇත්තේ ඔවුන් දෝෂ නිවැරදි කිරීමට පියවර ගත් බවයි. එනමුත් දුරකතන මිලියන ගණනකට අවශ්‍ය මෘදුකාංග තවමත් යාවත්කාලීන කර නොමැති බවද එම ආයතනය පවසා තිබේ.

 

 

 

 

SLM

Related posts:

Comments

comments