අලුත්ගම, දර්ගා නගර් සිදුවීම ගෝඨාභයගේ වැඩක් බව හෙළිවේ…. (සාක්ෂි සහිතයි)

අල්ලස් කොමිසම ඉදිරිපිට අද (23) කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් එය නොතකා ස්වාමින් වහන්සේ කිහිප නමක්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අල්ලස් කොමිසම හමුවට අද පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.
කෙසේ වුවද ඔහුව අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කර අද උද්ඝෝෂණ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මේ අතර අද දිනයේ අල්ලස් කොමිසම ඉදිරිපිට කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝගයක් ලබාදී තිබුණි.
එසේ වුවද එම නියෝගය නොතකා මැදගොඩ අබයතිස්ස, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු ස්වාමින් වහන්සේලාද, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, රොෂාන් රණසිංහ, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර යන පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවයක නිරතව සිටී.
පවත්නා වාතාවරණය යටතේ කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට කැඳවා තිබේ.මේ අතර අල්ලස් කොමිසමේ කැඳවීමට අනූව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද මේවන වන විට එහි පැමිණ සිටින බව අප වාර්තාකරු කියා සිටියේය.
අල්ලස් කොමිසම ඉදිරිපිට ස්වාමින් වහන්සේ, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවයත් සමග මේවන විට එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.මේ නිසා බෞද්ධාලෝක මාවත මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරු කියයි.
මෙහි විශේෂත්වය වන්නේ ජාතික කොඩිය විකෘත්ති කරමින් ‍රැස්ව සිටි පිරිස විරෝධතාවයේ නිරත වීමය.මෙවැනි ජනතා සහභාගිත්වයක් ඊයේ දිනයේ දි බැසිල් රාජපක්ෂ කෙරෙහි නොතිබීම හා ජාතික කොඩිය විකෘත්ති කිරීමක් මීට පෙර වාර්තා වන්නේ බොදුබලය හා රාවනා බලය වැනි සංවිධාන විසින් පැවැත් වූ විරෝධතාවයන් වල දීය.රාජපක්ෂ පාලන සමයේ අලුත්ගම දර්ගා නගර් සිදූවීම කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ මෙහෙය වීමෙන් සිදු වූ බව චෝදනාවට ලක් වූ අතර අද දින මෙම විරෝධතාවයෙන් පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සෘජු ලෙස මෙම සිදුවීම කෙරෙහි සම්බන්ධ වී ඇති බවයි.
Related posts:

Comments

comments