සියල්ල උඩුයටිකුරු කරමින් රාජපක්ෂ ප්‍රබලයෙකු මෛත්‍රී ගමනට සූදානම්!

ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ මහතාගේ පවුලේ ප්‍රබලයෙකු මෙන්ම ඔහුගේ ඉතා විශ්වාසවන්ත සොහොයුරෙකු පොදු ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට සුදානමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ඔහු තම අතිශය විශ්වාසවන්ත නියෝජිතයෙකු මාර්ගයෙන් මේ වන විට රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වා ඇතිබව අපගේ විශ්වාසන්ත කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වන අතර ඉදිරි දින කිහිපයේදී තව තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.
එසේම මොහු කොන්දේසි විරහිතව තම සහය ලබාදීමටත් එකඟ වී ඇති අතර මෛත්‍රී ආණ්ඩුවක් යටතේ යහපාලනය වෙනුවෙන් රටේ සිදු වී ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලදී ඊට අවශ්‍ය සහය තම උපරිමයෙන් ලබාදීමටත්, ඒ වෙනුවෙන් සියලු දේ නොපැකිලිව අනාවරණය කිරීමටත් එකඟවී ඇත. එසේම වාර්තාවන පරිදි මොහු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්වන්නේ ජනාධිපතිවරණයේ අවසන් උච්චතම අවස්ථාවේදීය.
මෙම රාජපක්ෂවරයා තම සොහොයුරාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටි අතර එකවරම ඔහු සියල්ලෙන් කැපීගිය බවට මාධ්‍යවාර්තා පවා පළවිය. ඊට බලපෑ කරුණු කාරණා රාශියක් වන අතර එය මෙහි සඳහන් කිරීම අනවශ්‍ය බැවින් අප ඒවා සඳහන් නොකරමු. කෙසේ වෙතත් මේ වන විට මොහු සඳහා කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍යයකින් ප්‍රචාරයක් නොදෙන අතර මොහුව රාජපක්ෂ පවුලින් කොන්කර දමා ඇතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

 

 

 

http://sinhalanews.readsrilanka.com/

Related posts:

Comments

comments