සුරේකාගේ “මේ කතාව” නොකියා කියන කතාව

සංවිධාන නායක පිරිමියා සමඟින් එහි සිටින ගැහැනු සියල්ලෝම හැමනෙන්න ආශා කරන්නේ ඇයි?


ගැහැනුන් තුන්දෙනෙකුගේ ජීවිත වටා බැඳුණු “මේ කතාව” මුල සිට අග දක්වාම කාංසා ජනක අත්දැකීමක් වන  අතර එහි සියලූ ගැහැනු චරිත දරුණු කාංසාවක ගැලී සිටිති.මම  විචාරකයෙක් නොවෙමි. එබැවින් මෙය විචාරයක් නොවේ. කියවන්නියක ලෙස මගේ කියවීම මම මෙහි සටහන් කරමි. මතුපිටින් කියවන විට එක් අතකින් ලංකාවේ පසුගිය කාලයේ වාංමාශික දේශපාලන ක්‍රියාවලිය තුල පුරුෂයන් විසින් ස්ත්‍රින් භාවිතා කිරීම පිළිබඳ වු ස්ත්‍රි මුලික ලියවිල්ලක් ලෙස ගැනීමට ඉක්මනු ඇත. එසේත් නැත්නම් ගැහැනියගේ ආලයට පිරිමින් දක්වන  අසංවේදී බව යනුවෙන් ද කියවීමට හැකිය. නැතහොත් විප්ලවාදී පක්ෂ තුළ ඇති ව්‍යාජය පිළිබඳ හෙලිදරව්වක් ලෙස මතුපිටින් පෙනෙනු ඇත. එහෙත් මගේ කියවීමට අනුව මේ කතාවෙ යටිමහලට පිවිසුණහොත් මෙහි ස්ත්‍රියගේ ආත්මමුලික ගැටලූව මේ වියමන යට සැඟවී ඇත. මා ලිපිය තුළ අවධානය දෙන්නේ එතැන සිටගෙනය.
සමාජය තුළ සිටින බහුතරයක් ගැහැනුන්ට විෂයක් නැතිවා සේම මෙහි සිටින කිසිදු ගැහැනියකට ද ආත්මීය විෂයක් නැත.  විප්ලවය පවා ඔවුන්ගේ විෂය නොවේ. මෙහි කේන්දුය ඇත්තේ ආලයෙහි ද නොවේ. මෙහි කිසිදු ගැහැනියක් ආලය නිසා විඳවන්නේද නැත.
“විමුක්ති කාමයෙහි මා පෙළඹවුයේ විශ්වවිද්‍යාලීයය ශිෂ්‍ය ව්‍යාපාරයයි…මා විශ්ව විද්‍යාලයට ඇතුළත් නොවන්නට,දේ දේශනා අසන්නට නොලැබෙන්නට විප්ලවය පිළිබඳ වු නෛසර්ගික ස්වකීය අරමුණක් අභිප්‍රායක් හෝ වුවමනාවක් කිසිදාක මා වෙත නොතිබිණි.” -පිටු අංක 62
මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සමන්තා මැණිකේම දක්වන විදිහට නායකයා  ( ශිෂ්‍ය උපදේශක ) හරිස්චන්දාය. ඇගේම වචන වලින් කිවහොත් කුකුල් කොටුව භාර ගත් නරියෙකි.
සංවිධාන වල සිටින නායකයන්ට එහි සිටින ගැහැනු සියල්ලෝම ආදරේ කරන්නේ හෝ හැමනෙන්නේ ඇයි? ඔහුව අයිති කර ගන්නට සිහින මවන්නේ ඇයි? අයිතිකර ගත නොහැකි විට කාංසාවට ගමන් කරන්නේ ඇයි?
ප්‍රධාන ඛේදයන් තුනක් වටා ගෙතී ඇති මේ කතාවේ ප්‍රධාන ගැහැනු තිදෙනාම පිරිමින් සිය ආත්මිය විෂය කර ගනිමින් එය ආදරය නමින් අභිෂේක කරමින් විඳවමින් අවසානයේ මරණය වැළඳ ගනී. සමන්තා මැණිකේ උමතු වී අවසානයේ අංශභාගය වැළඳි මිය යයි. නන්දිතාගේ යෝනිය කුණු වී අවසානයේ සුව නොවන වණයක් බවට පත්ව එයින් ගැලවීමට ඇය සියදිවි නසා ගනියි. අරුන්දතී බණ්ඩාර ද දරුවා වැදිමෙන් මිය ගොස් ඇති බව හැඟවේ.
මේ කතාවේ සමන්තා මැණිකේ අරුන්දතී බණ්ඩාරට උපත දෙන්නේ ඇයි?ඇය ඇයව නිහාල් ලවා ගැබ් ගන්වා ගන්නේ ඇයි? නිහාල් කෙරෙහි ඇති වෛරයේ මූලය කුමක්ද? සමන්තා මැණිකේට උන්මාද රෝගයක් කරා පල්ලම් බැස්සේ විප්ලවය අසාර්ථක වු නිසා ද ? නැත්නම් විප්ලවීය පිරිමි නායකයන් තුළ විප්ලවය කෙරෙහි පවතින්නේ සෑබෑ වුවමනාවක් නොවන බව දැන ගෑනීම ද?
 නිහාල් ට කරන අලය පැන නැගී ඇත්තේ පරම පිවිතුරු ශුද්ධ තැනකින් ද? අපට නිහාල් හා විකුම් චුදිතයන් කර පමණක් සැනසිය හැකිද ? පිරිමින්ගේ ආලයට මෙන්ම ගැහැනුන්ගේ ආලයට ද ශුද්ධ ලක්ෂයක් නැති බව මගේ අදහසයි. ආලය වනාහි කිසිදු ශුද්ධ තැනකින් උත්පාදනය වෙන දෙයක් නොවේ. අරුන්දතී බණ්ඩාරගේ හෝ සමන්තා මැණිකේගේ විඳවීමේ භ්‍රමණය වන්නේ ශුද්ධ පරම පිවිතුරු ආලයක් වටා නම් නොවෙයි.
ගැහැනියක් පිරිමියකුගෙන් හොයන්නේ කුමක් ද?
ආදරයද ?ආදරය නම් ඒ මොන වගේ තත්වයක්ද ? එහෙමත් නැත්නම් මොන වගේ දෙයක් ද?
සමන්තා මැණිකේගේ සේම අරුන්දතී බණ්ඩාරගේ ගැටලූව ස්ත්‍රීත්වයේ ඇති දරුණුම ගැටුමයි. අප විසින් සඟවන ගැටුමයි. ගැහැනුන් මහා පෙරුෂයන්ට ආලය කරන්නේත් ඔවුන් අත්කර ගත නොහැකි වූ විට කාංසාවට ගමන් කිරීමත් වටා මෙම නවකතාව දෝලනය වෙයි. ගැහැනුන්ගේ අන්ධ ලක්ෂය එයයි.
විප්ලවය අසාර්ථක වීම සිදුවන්නේ එහි සිටින පිරිමින්ට විප්ලවයේ සෑබැ වුවමනාකවක් නැති කම නිසා හෝ බඩු ගහපු නිසා හෝ කියා සරල තැනකින් තේරුම් ගත නොහැක . එය ලෝක මට්ටමින්ම අවසාන කර හමාරය. සියලු විප්ලවාදීන්ට  සමාජය වඩා හොඳ තැනක් බවට පත් කිරිමේ සිහින දකින්නන්ට අත් වීමට නියමිත ඉරණම පසුබැසීමයි. කාට හෝ එවැනි සිහිනයන් ඇත්නම් එය මේ මොහොතේ ඇති හොදම විහිලුවයි. අරුන්දතී බණ්ඩාරත් මේ ලියන මමත් එකම පරම්පාරවක සමාජිකයින් වෙමු. අප මේ ජිවත්වන්නේ ඉතිහාසයේ මූසලම ස්ථානයක විය හැකි යැයි මම සිතමි. අද වන විට විප්ලවය ද දේශපාලනයද කලාව ද මේ සියල්ල ද විහිලුය. විහිලුවලට එරෙහිව කුමක් කරන්නද ? සුවදායි පහසු තෘප්තිමත් ජීවිතයක් සොයා ගැනීමට වෙළෙන්දන් අපට පාර කියමින් සිටී. සංකේතිය පිලිවෙල යනු වෙලෙන්දා පෙන්වන ක්‍රමයට අනුව අංගජේදනය වීමය. මා හිතන්නේ ඉදිරි පරම්පරාවේ පිරිමින්ට හිස්ටරික ගැහැනුන් පිලිබද කරදරවීමට අවශ්‍ය නොවනු ඇත. හරි පිලිවෙලට සංකේතිය පටිපාටියට අනුව සියලූ ගැහැනුන් මෙම සමාජය තුල ස්ථානගත වෙනු ඇත. මොකද හරි ක්‍රමයට අනුව සංකේතිය වටපිටාවට අනුව ස්ථානගත නොවිමෙන් නම් සමන්තා මැනිකේ සහ අරුන්දතී බණ්ඩාර චරිත  නිර්මාණය වුයේ නම් ඉදිරියේ දි ඒ ගැන බිය වීමට වුවමනා නැත. සියලූ දෙනා එකම ගමනක යෙදෙන විට ආන්තික ගමන් තවත් ඇතිවිය නොහැක. මක් නිසාද යත් මීට ඉහතදී ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කිරීම සදහා සමාජයට තිබුනේ බෙදුනු විසංවාදී අදහස්ය. සමහරු කොමියුනිස්ට ක්‍රමයක් ගැන සිහින දැක්හ . සමහරු ධනේශ්වරය ගැන විශ්වාස කලහ. සමහරු ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන විශ්වාසය තැබුහ. අද වන විට ඒ කියන්නේ අරුන්දතී බණ්ඩාරගේ දියණියට හමුවීමට නියමිත වන්නේ  ලිබරල් ධනේශ්වරය සහමුලින්ම පිලිගත් රහසින්වත් වෙනත් විකල්පයන් ගැන විශ්වාසයක් නැති සමාජයකි. එහෙයින් සමන්තා මැනිකේ සහ අරුන්දතී බණ්ඩාරගේ පරම්පරාව එතැනින්ම අවසන් වන්නේය. ඔවුනට හරස්චන්දු හෝ නිහාල්ලා හෝ විකුම් ලා මුන ගැසෙන්නේ නැත. හරිස්චන්දුලා ද නිහාල් ද විකුම් ලා ද ඔවුන් බිහිකල ගර්භාෂයත් සමගින් මියගොස් ඇත. අප දන්නා පරිද්දෙන් අප අවට විකල්ප යැයි කියා ගත් කිසිවක් නැත. ඒ සියල්ල බොරුය. ප්‍රාග්ධන ගලා යෑමේ කොහේ හෝ ස්ථානගත වී කන්තෝරුවල ඉස්කෝලවල රාජ්‍ය නොවන සංවිධාන වල වෙළඳ එජන්තවරුන්ගේ  ඕනෑ එපාකම් පිරිමහමින් ලිබරල් වාසී හොඳහැටි ගනිමින් කොටින්ම විකල්ප නොවන ජීවිත ගෙවමින් තමාගේ බඩ ගැන  ඕනෑවට වඩා කරදර වන භෞතික වස්තුන් මෙන් වු විකල්පධාරින් අපට දැන් මුණ ගැසේ. එහෙයින් අරුන්දතීගේ දියණියෝ ඔය පැත්ත පලාතේ නොඑනු ඇත. විකල්ප දේවල් බිහිවන්නේ විකල්ප ජීවන පැවැත්මකින් මිසක සෙනසුරාදාට ඉරිදාට විකල්ප වෙන්ඩ ගොස් නොවේ. සතියේ දින පහක් කොහේ හෝ වැඩ කර ණය කාඩ් පත් අරගෙන සුපිරි වෙළඳ සැල් වලට ඇදෙන බොහෝ අය මෙන් විකල්පයේ අය ද විකල්ප කලාව හෝ මොකක් හෝ විකල්ප යැයි කියා ගන්නා ක්‍රියාකාරකමක් වටා රොද බැඳ ගෙන හිත හදා ගැනිමට උත්සාහ කරයි. මෙය අරුන්දතී බණ්ඩාරලාගේ  සහ ඔවුන් ආකර්ෂණය වන පිරිමින්ගේ නව නිමේෂයයි. ඇත්තටම අරුන්දතී බණ්ඩාරගේ දියනියට ඇත්තේ නන්දිතාගේ ගමන් මාර්ගයයි. ඉතිරිව ඇත්තේ ද අතිශය සුපැහැදිලි ද ඇයගේ මාර්ගයයි. සමාජයක් ක්‍රියාත්මක වන්නේ බලය හරහා. දේශපාලන පක්ෂයක් හෝ බැංකුවක් හෝ පත්තර කන්තෝරුවක් වේවා රඟහලක් වෙවා මේ කුමන තැනක් වුව ක්‍රියාත්මක වන්නේ යම් බලයක් හරහායි. ප්‍රාග්ධනය ඒවාට එන්නේ කොතනින්ද  කියන කාරණය අමතක කළහොත් මෙම ස්ථානවල බලය ක්‍රියාත්මක කිරීමේ අධිකාරය පවතින්නේ පිරිමින් අතය. මේවායේ ඉහල පුටුවල බහුතරයක් සිටින්නේ පිරිමින්ය. උඩ සිට පහලටම එසේය.
ස්ත්‍රින්ගේ නිදහස  ගැන කතා කලහම සමහර අය කතා කරන්නේ කොට අඳින්න ලැබෙන නිදහස අත් නැති කමිස අඳින්න ලැබෙන නිදහස ගැනය. එහෙමත් නැත්නම් ගෙදර තමන්නේ සැමියා උයන දේට උදව් නොකිරිම පිලිබද ගැටලූවය. ඇත්තටම ගැටලූව ඇත්තේ, ගැටලූවේ මුලය ඇත්තේ එහිද ? ගැහැනුන්ට ඡන්ද අයිතිය ලැබී  තිබේ.  ඕනෑනම් පාර්ලිමේන්තුවට යාහැකිය. කවුද එපා කියන්නේ? රඟපාන්නට කැමැති අයට රඟපාන්නට පුලූවනි . චිත්‍රපටි හදන අයට චිත්‍රපටි හදන්නට පුලුවන. කවුද එපා කියන්නේ ? ගැහැනුන්ට නිදහස ඇත. එහෙනම් මොනවද ඉල්ලන්නේ? මොකද්ද  අරගලය ? දැන්  ස්ත්‍රිවාදි අරගලය අවසානය ලෝක මට්ටමෙන්! එහෙමයි කට්ටිය කියන්නේ, ඇත්ත නේන්නම් ? නිදහස තියෙනවා තවත් මොනවද මේ ඉල්ලන්නේ? හැබයි මේක යට තියෙන බල දේශපාලනය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ . ස්ත්‍රිවාදි  ව්‍යාපාර ලෝකේ මිය ගිහිල්ලා නම් මිය ගිහිල්ලා තියෙන්නේ පුරුෂ මුලික සන්දර්භයක් තුල ගොඩ නගා ඇති ස්ත්‍රිත්වයේ ආත්ම මුලික ගැටලූ වටහාගෙන නැති හින්දා. ගැටලු ඒවා එහෙමයි. හැබැයි කතිකාවන් ඇති වෙලා  නැතිවෙලා මැරිලත් ගිහිල්ලා. දැන් තියෙන්නේ පශ්චාත් ස්ත්‍රිවාදි කතිකාවලු. හැබැයි අපි දන්නවා   ගෑනියෙක්ට අඩුම තරමේ  බස්රථයක නිදහසේ  යන්ඩ බෑ කියලා. ගෑනියෙක් අධිපති ලිංගික තෘප්තිය ප්‍රශ්න කරාම ඒ පොත් පුස්තකාලේට ගන්නේ නෑ කියලා ,  නිශ්පාදන ක්‍රියාවලියක රැඳිලා ඉන්න හින්දා මම දන්නවා ගැහැනියට තමන්ගේම කැමැත්තෙන් ලිංගිකව භාවිතා වෙන්ඩ සිද්ධ වෙන විදිහට මේ ව්‍යුහයන් සකස් වෙලා තියෙන හැටි. මේවා ඇත්තටම සෑබෑ ප්‍රශ්න නෙමෙයි වෙන්ඩ ඇති. මරියාගේ රමණය බලපු සමහර කිවේ ඒ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් කියලා , ප්‍රශ්නේ පෞද්ගලිකව දැනෙනවා වෙන්ඩ පුලූවන් , හැබයි කිසිම මිනිහෙක් පුද්ගලික නෑ. ඇත්තටම පුද්ගලික ප්‍රශ්න කියලා ජාතියක් තියෙනව ද?
මේ වෙලාවේ ස්ත්‍රිය සහ පුරුෂයා තිබ්බොත් වෙළෙන්ඳන්ගේ ප්‍රාග්ධනය හැසිරවීමේ බලයෙන් සියයට අනුනමයක් අයිති පිරිමියාට. යම් විෂයක්  ඇතුලේ දිගින් දිගටම කටයුතු කරන අය මේක දන්නවා. සමහරක් වෘත්තින් කිහිපයක් ඇරුණම උදාහරණයක් විදිහට ගුරුවරියක් වෙන්ඩ යන කෙනෙක්ට මේ ප්‍රශ්නය මුණ ගැහෙන්නේ නෑ. දොස්තර කෙනෙක් වෙන්ඩ යන කෙනෙක්ට , ඉතින් කරුමෙට හරි වෙන විෂයක් තිබ්බොත් මොනවා හරි කරන්ඩ ගියොත් ලිංගික භාවිතා වීම බොහෝ විට සාමාන්‍ය කාරණයක්. සමහරු දියෝනිස් දෙවොල පාමුල කියවලා මගෙන් ඇහැව්වෙ ඇත්තටම මෙහෙම වෙනවද ? මේ තරම්? , මට කියන්ඩ තියෙන්නේ (තොත්ත බාබාලා . තොත්ත බාබාලා ඇරණම  ඕනැම පත්තිනි අම්මා කෙනෙක් මේක දන්නවා.) මෙහිදි මම පාවිච්චි වෙනවා කියලා අර්ථ දක්වන්නේ තමන්ට බුදියා ගන්ඩ සැබෑ වුවමනාවක් නැතිව තමන්ගේ යම් කාර්යයක් ඉටුකර ගැනීමට කිසිවෙකු සමග ලිංගික ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්ඩ සිදුවීම.
හැබයි සමන්තා මැනිකේගේ හෝ අරුන්දතී බණ්ඩාරගේ ගැටලූව ඒක නෙමෙයි. ඔවුන් ඇත්තටම විප්ලවීය පක්ෂය ඇතුලේ ලිංගිකව භාවිතා වෙනවා නෙමෙයි. ඔවුන් බුදියා ගන්නේ කැමැත්තෙන් වගේම ඔවුනට ඒ පිරිමි තමන්ට අයිති කර ගන්ඩත් ම්නේ . ඔවුන්ට ඔවුන්ව අයිති කර ගන්ඩ බැරි වුනාම තමයි සාංකාවට ගමන්  කරන්නේ.  සමන්තා මැනිකේ ලා කඩා වැටෙන්නේ විප්ලවය නැති වුනු හින්දා නෙමෙයි. බලය තියෙන මිනිහෙක් තමන්ව කරන ප්‍රතික්ෂෙප කිරීම දරා ගන්ඩ බැරිව. ගොඩක්  ස්ත්‍රින්ගේ සංකාව ඒක. අරුන්දතී බණ්ඩාරට වෙන්නෙත් එක. ඒගොල්ලන්ට ආලය කරන්ඩ බෑ බලයක් නැති මිනිහෙකුට. අරුන්දති බණ්ඩාරත් අන්තිමට තමන් අකමැති ලිංගික සබඳතා වලට යනවා. බහුතරයක් ගැහැනු සංකේතිය පිලිවෙලට හරියටම අංගජේදනය වුනු ගැහැනු තමන්ට කන්ඩ අඳින්න දෙන මිනිහට ඉල්ලූ විට කකුල් පලල් කරන්ඩ  ඕන . ( ඒකේ ගෞරවනීය නාම පදය බිරිඳ. අදාළ නැති අය මගේ අර්ථ දැක්වීම නොසලකා අරින්න.) විෂයක් තියෙන ගෑනිටත් නැති ගෑනිටත් ඒක එහෙමම තමයි. කවුරුවත් කාටවත් නිකං මොකුත් දෙන්නෙ නැති බව මොළයක් තියෙන  ඕන කෙනෙකුට තේරෙනවා.  නන්දිතා බලයට දක්වන සම්බන්ධතාවය වන්නේ ඇයට සුවපහසුව ලිබරල් විනෝදය සපයා දිය හැකි පිරිමිය. ඇය ඔවුන්ව සොයාගෙන ඇමෙරිකාවටම යයි. අවසානයේ ඇය යෝනිය කුණු වන තුරුම එම මායාවේ ගැලෙයි. නිකමට හෝ විප්ලවය සිදුවුයේ නම් එම විප්ලවාදී පක්ෂවල සිටි ගැහැනුන් කී දෙනෙක් උමතු රෝහල්වල වලට ගාල් වනු ඇති ද ?
ඇත්තටම ලිංගික තෘප්තිය පිළිබඳව තියෙන්නේ අධිපති කතිකාවක් , මේක ගැන ගොඩක් අය අවධානය දෙන්නේ නෑ. ලිංගික තෘප්තියේ අධිපතිත්වය අයිති වෙලා තියෙන්නේ පුරුෂ  ලිංගයට . එහෙමත් නැත්නම් සංසර්ගයට. එම නිසා පිරිමි  හිතන්නේ තමන්ට නම් අතේ ගහලා හරි පුලූවන් ! ඒත් අනේ අහිංසක ගෑනුන්ට ? ඒගොල්ල පුරුෂ ලිංග කෙලින් කරගෙන ඉන්නේ ඒක හින්දා , ඇත්තට අධිපති ලිංගික තෘප්තිය පිලිබද අධිපති කතිතාව ඇතුලේ පිරිමි  රහසින් තරඟකාරයෝ, තමන් තමයි හොඳම දෙන්නා කියලා පිරිමි හිතාගෙන ඉන්නේ, ඒ වගේම ගැහැනුන්ට වුවමනා එම ලිංගික කතිකාව ඇතුලේ අනිත් ගැහැනුන්ට වඩා එහෙමත් නැත්නම් වඩා ආකර්ශනියම වස්තුව වෙන එක. ඔවුනුත් එකිනෙකාගේ තරඟකාරයෝ, පිරිමි දැනුම, මුදල්, ජනප්‍රියත්වය ඇතුලේ තරඟකාරි වෙන කොට ගැහැනු අනික් ගැහැනියට වැඩියෙන් ශරිරය නඩත්තු කිරිමෙන් හා ලිංගිකයේ දි ( උදාහරණයක් ලෙස පස්සා පැත්ත දෙමින් ) තරඟකාරි වෙනවා. ලිංගික තෘප්තිය කියන්නෙත් කතිකාවක්. එක ඇතුලේ තමයි ගැහැනු පිරිමි ලිංගික හැසිරිම සිදුවෙන්නෙ, එම නිසා ලිංගිකයේ තියෙන නෛසර්ගික ගුණයන්  ඔක්කොමත් ඒක ඇතුලේ හංගිලා තියෙන්නෙ.
ඇත්තටම මේ වෙලාවෙ විප්ලවය වගේම ප්‍රේමය පිලිබද කතිකාවකුත් නෑ. උඩින් තියෙනවා වගේ පේනවා . නමුත් යට තියෙන්නේ ලිංගික තෘප්තිය පිලිබද මහා දිනුම් තරඟය. ලිංගික තෘප්තියේ අධිපති කතිකාව පිලිබද සවිඥානිකත්වයක් නැති වුණොත් , මම ලිංගික තෘප්තිය කියන කාරණාව හසුරුවන්නේ පුරුෂ මුලික ලිංගික තෘප්තියේ අධිපති කතිතාව ඇතුලේ ඉඳලාම තමයි. ( සමහරු හිතනවා උඩට එන්නට දෙන පිරිමි ගැහැනුන්ගේ තෘප්තිය ගැන හිතනවා කියලා. උඩට එන එකත් එම අධිපති කතිකාවෙම පුරුෂයාගේ ආශාවේම කොටසක් විදිහට සමාජගත වෙලා තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නෑ ) ඒ පුරුෂ මුලික අධිපති කතිකාව ඇතුලෙ තමයි හරිස්චන්ද්‍ර, නිහාල් , විකුම් වගේ චරිත හැසිරෙන්නේ, විප්ලවාදී පක්ෂ ඇතුලේදීත් විප්ලවය කෙසේ වෙතත් විප්ලවය කරන්ඩ එන ගෑනු සහෝදරියන්ගේ ලිංගික තෘප්තිය ගැන ඔවුන් වග කියනවා. මොකද විප්ලවය කරන්ඩ එන ගෑනුනගේ යෝනි මාර්ගයන් ඇතුලේ සුරාන්තයන් ගැන වග කියන්නේ ඔවුන්, ඉතින් සහෝදරියනුත් වැඩ දාදා දෙනවා . මොකද ඔවුන් නායක සහෝදරයා නිසා හොදින් තෘප්තිමත් වුනාය කියලා ඔවුන් රඟපෑවට පස්සේ ඔවුනට පුලුවන් විප්ලවාදී නායකයාව තමන්ට අයිති කරගන්ඩ. එතකොට වෙලෙදන්දාගේ ගෑනු සතාගේයි විප්වාදියාගේ ගෑනු සතාගේයි ඒ හැටි වෙනසක් නෑ. පිරිමින්ට  ඕන ගෑනුන්ට ලිංගික තෘප්තිය අත්කර දෙන්ඩ මිසක් ඒ ගෑනුන්ගේ අයිතිකාරයෝ වෙන්ඩ නෙමෙයි. ඔවුන් හොඳට බඩු ගහලා විප්ලවේ කරන්ඩ යනවා , නැත්නම් පිල් මාරු කරනවා , කොටින්ම ලිංගික නොවන මොනවා හරි කරනවා. සහෝදරියන්ට වෙන්නේ සමන්තා මැනිකේට වෙන දේ. අන්තිමට පිස්සු. තමාට අරමුණක් ඇත්නම් ලිංගික නොවන වෙනත් විෂයක් ඇත්නම් එහිදී යෝනිය මඟහැර යා නොහැකි නම් එය කුණු වී  ඕජස් ගැලූවද එය දුන්නාට කමක් නැත. එහෙත් ප්‍රේමයේ නාමයෙන් පිරිමින්ව අයිති කර ගත නොහැකිව යෝනිය ඇඟ පුරාම තියා ගන්ඩ  ගියොත් ස්ත්‍රියගේ සදාකාලික සහ එකම අත්දැකීම විදවීම වනු ඇත. එක්කෝ සමන්තා මැනිකේ මෙන් නැතහොත් නන්දිතා මෙන් ,  සහෝදරියෝ මේ සූත්‍රය දන්නේ නෑ, මොකද විප්ලවෙ හරි සංගීතය හරි කරන්ඩ ඇවිල්ලා තියෙන්නේ ඒවා වුවමනා නිසා නෙමෙයි. කොටින්ම සමන්තා මැනිකේගේ අන්ධ ලක්ෂය වන්නේ ඇය ප්‍රේම කළේ කුමකට ද යන්න ඇය නොදන්නා බවයි. ඇය ප්‍රේම කලේ නිහාල්ට නොවෙයි. ඇය ප්‍රේම කළේ බලයටයි. බලය අයත් කර ගත හැක්කේ නිහාල් අයත් කර ගැනිමෙනි.
අවසාන තුරුම්පුව දරුවාය. නමුත් එයද නොහැකි වු විට බලය සහිත පිරිමියෙකු රඳවා ගැනීමට තමාට නොහැකි වීමේ පරාජයේ අවසානය ඇය උමතු වෙයි. දරුවාට ආදරය කිරිමට නොහැකි වෙයි. අරුන්දතී යනු ආලයේ සංකේතයක් නොවේ. නැතහොත් සමන්තා මැණිකේ  අවසාන වතාවට නිදිවදින්නේ රාළ සමඟය. ඇයට රාළ සමඟ නිහාල් සහෝදරයා සමඟ ඇති මානසික ගැටුම හට ගන්නේ නැත. අරුන්දතීට මයන්තට හෝ අලෙක්සැනඩර්ට ආලය කල නොහැක. අරුන්දතීට ආලය කිරිමට නම් එක්කෝ නිහාල් කෙනෙකු වුවමනය. නිහාල් නිදි වදින්නේ සමන්තා මැනිකේගේ මෙන් වු තමාව ලිංගිකව අවුලුවන අරුන්දතීගේ සිරුර සමගය. එවිට අරුන්දතී නිහාල් සමග නිදා ගන්නේ ඇයි? ආලය ද ? නැතහොත් මවට නෙහැකි වූ සටන ඇය ජය ගන්නට යනවාද ? තමාගේ මව අනපේක්ෂිත මොහොතක අතහැර ගිය මිනිහාගෙන් ඇය සොයන සාරය කුමක්ද ?(ගැහැනියට වුවමනා මොනවා ද යන්න දැන ගන්ඩ බෑ කියා මට හමුවන පිරිමි මිතුරන් කියති . එහෙත් ඔවුන් අමතක කරන මඟහැර යන දේ  ලිංගික තෘප්තිය පිලිබද අධිපති කතිකාවය.) ඒ ගැන සවිඥානික නැති ඔවුන් ගැහැනුන් මෙන් මහ දවල් වලවල්වල වැටෙති. ගැහැනු දරුවෙක් කුඩා කාලයේම දැන ගන්නවා ඇයට යමක් අහිමි කරලා කියලා. ඇයට නැති යමක් සමාජය විසින්  පිරිමියාට අත්කරලා දීලා තියෙනවා කියලා. සමහරු හිතන්නේ ගැහැනිය  හොයන්නේ පුරුෂ ලිංගය කියලා. ඒ හින්දා ඉල්ලූ විට දෙන්ඩ පිරිමි පුරුෂ ලිංග දික් කරගෙන ඉන්නවා. පුරුෂ ලිංගය දීලත් වැඩක් උනේ නෑ කියලා සමහර පිරිමි හිතලා හිතලා දුක් වෙනවා. ගැහැණුන්ට සමාජය තුල බලයක් අත්කර ගත් ( මුදල් , දැනුම, ජනප්‍රියත්වය ,) පිරිමින්ට විතරයි  උමතු ලෙස ආලය කළ හැක්කේ යැයි “මේ කතාව” නොකියා කියනවා. ඒ වගේ පිරිමින්ට ගැහැනු  පොර කනවා. බොහෝ පක්ෂ, නාට්‍ය කණ්ඩායම් වල නායකයන්ට ගැහැනු සියල්ලෝම පෙම් කරති. එක විට ඔවුන් සියලූ දෙනාටම ඔහුව අයිති කරගන්නට වුවමනා වෙයි. පසුව පල්ලම් බැස ජීවිතයේ ඇති ප්‍රායෝගික ජිවිතයට එකඟ වන බව ඇත්තය. කවුරු හරි කසාද බැඳගෙන ළමයෙක් හදා ගෙන ජීවත් වෙන්න උත්සාහ දරන බව ඇත්තය. එය හරියටම රූප සුන්දරියන්ට , ලස්සන  එහෙමත් නැත්නම් ලස්සන යැයි සම්මත ප්‍රමිති වලට අදාල ( උස, සුදු, කෙට්ටු) ගැහැනුන්ට  ආශා කරන පිරිමි ප්‍රායෝගික ජීවිතය තුළ කවුරුන් හෝ ගැහැනියක් සමග සංසර්ගයේ යෙදී ප්‍රායෝගික ප්‍රශ්න විසදා ගන්නට යනවා හා සමානය.

ගැහැනියක් බලයක් සහිත පුරුෂයෙකුට දක්වන සම්බන්ධතාවයේ ඇති උමතු ප්‍රේමය වන්නේ ඇයට ස්ත්‍රීත්වය නම් නම්බුනාමය තුළින් අහිමි කරනු ලැබු නැතහොත් පුරුෂ ලෝකය විසින් කප්පාදු කළ සමාජියම බලය ඇය බලයක් සහිත පුරුෂයෙක් තුලින් සපුරා ගැනීමට යාමය. එවැනි පුරුෂයකුගේ පෙම්වතියක වීම, බිරිඳ වීම , අනියම් පෙම්වතිය වීම තුලින් ඇය සපුරා ගන්නට යන්නේ ඇයට අහිමිකල ආත්මයයි. පුරුෂ මුලික සමාජය තුල ගැහැනිය පවතින සන්දර්භය වන්නේ ආත්මයක් නැති ශරිරයක් ලෙසිනි. මෙම ශරිරයම නැවත අහිමි ආත්මය සොයා ගැනීමට ඇය භාවිතා කරයි. වසඟකාරි ස්ත්‍රීන් යැයි පුරුෂයෝ ඔවුනට කියති. ලිබරල් ධනවාදය රොතු පිටින් ඔවුන්ව පැටව් ගසමින් සිටී. විප්ලවේ ගැන කියන වාමාංශික දේවතාවන් නැත්තටම නැති වි ගොස් ඇති නිසා ඉතිරිව ඇත්තේ නන්දිතාගේ ගමන් මාර්ගයයි.
 මේ කාලයේ පිරිමියෙක් ගැහැනු සිරුරට දක්වන සම්බන්ධතාවය සහ ගැහැනියක් පිරිමියාගේ බලයට දක්වන සම්බන්ධතාවය සාකචිඡා නොකොට ආලය ගැන දොඩවන පිස්සු විකාර මට නං විකාර සහගතය.
මට අනුව මෙම පොත ඉතාම පැහැදිලිව ගැහැනිය බලයට දක්වන සම්බන්ධතාවය සාකචිඡා කළ හැකි නවකතාවකි. මෙහි නන්දිතා සහ සමන්තා මැනිකේ මෙන් නොව අරුන්දතී බණ්ඩාර පිරිමින්ගේ විෂයට ආත්මය දක්වන වේදනාකාරි සම්බන්ධතාවය අතහැර දමා වෙනත් ලෙසකින් ජීවත් වෙන්නට උත්සාහ දරයි. ( ඇලෙක් සහ මයන්ත සමග ගෙවන ජීවිතය )එහිදි සුරේකා ඉතා ශුර ලෙස එය සිතුවම් කරයි. සමස්ත නවකතාවම  ශුර ලෙස ගොතා ඇති අතරම සමස්ත නවකතාව තුළ ඇය ගැහැනියගේ ලෝකය පිළිබඳ ශුර හෙළිදරව්වක් කරනු ලබයි. පුරුෂ මුලික සන්දර්භයට යටත්ව ගැහැනියගේ ආත්ම මුලික විඳවීම සාහිත්‍යය තුළට ගෙන ඒමට ඈ ශුර ලෙස සමත් වෙයි.

|නදීකා බංඩාර

womansstage.blog

Comments

comments