ස්වීප් වික්කත් නැතත් රජයට ප්‍රශ්නයක් නෑ – කැබිනට් ප්‍රකාශක

ලොතරැයි විකුණුවත් නැතත් මේ රජයට ප්‍රශ්නයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (04) පැවැසීය.

ලොතරැයි අලෙවි නියෝජිතයින් විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති වර්ජනය පිළිබඳව ඊයේ (04) පැවැති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය.

ලොතරැයි මිල වැඩිකළේ වත්මන් රජය විසින් පමණක් නොවන බවත් පසුගිය රජය කාලයේ ද රුපියල් 10 තිබූ ලොතරැයි පත් රුපියල් 20ක් කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

එම අවස්ථාවේ දී ඒ පිළිබඳව කිසිවෙකුත් මෙවැනි උද්ඝෝෂණ නොකළ බව පැවැසූ රාජිත සේනාරත්න මහතා වත්මන් රජය ලබා දී ඇති නිදහස නිසා හැම දෙනාම උද්ඝෝෂණ පෙළපාළි යන බවත් පැවැසීය.

Comments

comments