ශෂින්ද්‍රගේ ජන්දයට ආණ්ඩුවේ මුදල් වැය කළ කිත්සිරි රිමාන්ඩ්

ලංකාවේ සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන රැකගැනීමේ ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් ලක්ෂ 57 ක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණ වල සංග්‍රහ වලට යෙදවීමේ චෝදනාව මත හිටපු සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක සැප්තැම්බර් 06 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කළා.

ඒ සැකකරු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැණුනේ.

Sashindra-Rajapaksa-2

Comments

comments