ලොවටම අම්මා වූ ස්විස්ටර්ලන්තයේ මරියන්නේ අම්මා

ස්විස්ටර්ලන්තයේ මරියන්නේ අම්මා,  මුටර් මරියන්නේ ,එහෙමත් නැත්නම් මදර් මරියන්නේ කිව්වහම ස්විස්ටර්ලන්තයේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනෙක් ඇයව හදුනයි ඇය ස්විස්ටර්ලන්තයේ සෙන්ක්ට් ගාලන් නම් ප්‍රාන්ථයේ උපත ලබා මෙම වසරේ දෙසැම්බර් විසි පස් වන දිනට හැත්තෑ නම වන වියට පා තබනීය ඇයගේ උපන් දිනය යෙදී තිබෙන්නේ දෙසැම්බර් මස 25 වන දිනයක වීම ඇත්තෙන්ම දෛවෝපසහගතය

සෙන්ක්ට් ගාලන් ප්‍රාන්ථයේ විල් නම් උප නගරය කේන්ද්‍ර කොට ජීවත් වන ඇය ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ගේ උපහාරයට ලක් වන්නිය . ඒ ඇය විසින් මෙම රටේදී මුණ ගැසෙන බොහෝ විදේශිකයින්ට උදව් උපකාර කර ඇති බැවිනි . විල් නගරයේ කතෝලික පල්ලියේ සමාජ වැඩ සම්බන්දව කටයුතු බොහෝ කාලයක සිට සිදු කරනු ලැබූවේ ඇය විසිනි ඒ තුලින් ඇයට ලැබෙන සෑම අවකාශයක තුලම සමාජ සේවා කටයුතු වෙනුවෙන් ඇප කැපව ක්‍රියා කල ඇය හැත්තෑ නම වසරට පා තැබුවද එම වැඩ කටයුතු ඇය විසින් අදටත් සිදු කරනු ලබයි . ඇය තම හැකි සෑම උදව් උපකාරයන් සිදු කරන්නේ විදේශිකයන්ට පමණක් නොව ස්විස්ටර්ලන්තයේ වෙසෙන ස්විස්ටර්ලන්ත ජාතිකයන්ටද ඇයගේ උදව් උපකාරයන් නො අඩුව ලබා දෙනු ලබයි ලෝකයේ බොහෝ රටවල සිට ඇයගේ සුව දුක විමසා බැලීමට නිති පතා ඇයට දුර කතන ඇමතුම් ලැබීමෙන් අම්මා යන නමින් කට පුරා ඇයට නිර්ලෝබිවම අම්මා නමින් ආමන්ත්‍රණය කරනු ලැබීමෙන් ඇය පරෝපකාරය උදෙසා කෙතරම් වෙහෙස මහන්සියක් ගෙන ඇත් දැයි මොනවට පැහැදිලි වෙයි . ඇයගේ විශේෂත්වය වන්නේ ඇය විසින් වදා හඩා වඩා නොමැති උවද ඇයට ලොව පුරා දරුවන් සිටීමයි .

ලෝකයේ බොහෝ මිනිසුන් අනුන්ට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වන බව හගවයි ඒත් ඒ බොහෝ අයගේ පපුව විමසා බලන්නෙකුට පැහැදිලිව වටහා ගත හැකි වන්නේ ඒ බොහෝමයක් දෙනා පරෝපකාරය උදෙසා පෙළඹී ඇත්තේ හෞදයාංගම සිතුවිල්ලකට වඩා හුදෙක් තම පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම උදෙසාය කෙනෙකු තව කෙනෙකුට උදව් කර්න්නේ සමාජීයව හෝ ආර්ථිකමය ලාභ අපේක්ෂාවන් මුල් කොටගෙනය එහෙත් මරියන්නේ අම්මා විසින් කරන උපකාරයන් බොහෝ විට දන්නේ මරියන්නේ අම්මා සහ උපකාරය ලබන්නා විසිනි . ඇත්තෙන්ම ඇය මිනිස් දුවකට වඩා සැබෑ ලෙසම දේවදූතියකි. මේ වන විට ඇය විසින් සිදු කරනුලබන පරෝපකාරය වෙනුවෙන් ප්‍රතිලාභ ලෙස ආපිට ඇයට හිමිව ඇත්තේ ශාරීක සහ ආර්ථිකමය අවාසියන්ම පමණි එහෙත් ඒ කිසිදු අවාසියකදී උවද ඇයව ඇයගේ උවමනාව , ඇයගේ අපේක්ෂාව , ඇයගේ කැපවීම බිදුවකින් හෝ අඩු කිරීමට තරමට ඇයව කම්පනයට පත් කිරීමට අපොහොසත් වීම සැබවින්ම උදව් අවැසි බොහෝමයකගේ වාසනාවකි.

මරියන්නේ අම්මා ගැන කතා කරද්දී ඇය විසින් උදව් උපකාරයන් සිදු කරනුයේ පෞද්ගලික මට්ටමේ උදව් උපකාරයන් පමණක්ම නොවන බව සදහන් කල යුතුමය. ඇය බොහෝ සමාජ සංවිධාන වල සාමාජිකත්වය දරණු ලබන අතර බොහෝ සංවිධාන වල නිලතලයන්ද තවමත් හොබවනු ලබයි එපමණක් නොව ඇය හා සම්බන්ද ළමා නිවාසයක් ඉංදියාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබයි. විල් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බොහෝ සංවිධන වල ඇය නිළතල හොබ වන්නීය දිවා රෑ නොබලා තම ශාරීරික , ආර්ථික හෝ වෙනත් අපහසුතා කෙතරම් තිබුණත් ඇය විවේක  නොගන්නීය.විවේකයක් ගන්නේ නම් ඇයගේ වයස අනුව ඊ ලග කර්තව්‍යයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම උදෙසා ඉඩක් ලද හොත් දහවල් කෑමෙන් පසුව ලබා ගන්නා පැය එකහමාරක පමණ කෙටි නින්ද පමණි එහෙත් ඊටද ඇයට ඒ සදහා අවකාශය ලැබෙන්නේ කලා තුරකිනි

. මේ තරම් දියුණු යැයි කියන රටක බොහෝ පිරිසක් භෞතික සැප සම්පත් හබා යන සමාජයක මරියන්නේ අම්මා වැනි කාන්තාවන් පුද්ගල කේන්ද්‍රීය නොවී සමාජීය වීම කෙතරම් නම් දුලභ තත්වයක් දැයි වටහා ගැනීම පාඨක සමාජ බුද්ධිය මත තීරණය වනු ඇතැයි අපේක්ෂා කරමි. මරියන්නේ අම්මා නම් වූ ඇය, ඇය පිලිබදව විස්තර ඔබට සපයන මමද ඇයගේ දයානු කම්පාව ලැබීමට තරම් භාග්‍යමත් වීම මාගේ ජීවිතයේ දෙවියන් මට මගේ ජීවිතය තුලම හමුවූවා වැනිය. ඇය මාගේ ජීවිතයේ සියළු වැදගත් සංධිස්ථානයකම අවශ්‍යම උපකාරය ලබා දී ඇත්තේ දෛවෝපසහගතවය. මරියන්නේ අම්මා නොසිටින්නට මට මගේ වැදූ මව මිය දෙන්නට කලින් අවුරුදු හතකට පසුව හෝ දැක ගන්නට නොලැබෙනු ඇත. මට මගේ සහකාරිය ( පූජි ) හා විවාහ වීමට , දින ගණනක් හෝ ලගින් සිටීමට නොලැබෙනු ඇත නැත හොත් පමා වනු ඇත . රැකියාව අහිමිව , සමාජ සුභසාධනයද පමා වූ ඒ මාස කීපය තුල මා මිය යන්නටද ඉඩ තිබිණ. මරියන්නේ අම්මේ ඔබ මා, ඔබ කුස තුල හොවා නොසිටි බව සැබෑවකි පෝෂණය නොකල බව සැබෑවකි ඒත් සෙනෙහසේ අඩුවක් නෑ අම්මේ

අජිත් දසනායක  \  Ajith Dasanayaka

පහත පල වන්නේ ඇය පිලිබදව පුවත් පත් වල පල වූ ලිපි කීපයක පිංතූරයි


 

 

Comments

comments