රාජපක්ෂ ඡන්ද කරන්න රජයේ මුදල් යොදවපු හැටි මෙන්න

රජය සතු පරන්තන් කෙමිකල් සමාගමේ රුපියල් ලක්ෂ හතලිස් පහක (රු. 4,500,000) පමණ මුදල් සම්භාරයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා වැය කර තිබෙන බවට ලිඛිත සාක්ෂි සමග විමර්ශනවලදී හෙළිදරව් කරගෙන තිබෙන බව වාර්තා වේ.

ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය සමග ව්‍යාපෘති සිදු කරන බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් දේශපාලන කටයුතු සඳහා සමාගමෙන් මෙලෙස මුදල් ලබාගෙන තිබෙන බවත් ජලසම්පාදන මණ්ඩලය එවන් ව්‍යාපෘති සිදු කර නොමැති බවත් පැවසේ.

2012 ජූලි සිට 2014 සැප්තැම්බර් දක්වා වරින් වර පැවති නැගෙනහිර, වයඹ, ඌව, සබරගමුව, දකුණ, මධ්‍යම පළාත් සභා මැතිවරණ සඳහා මෙම මුදල් යොදවා තිබෙන බවත් මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයිද වාර්තා වේ.

මහාපරිමාණ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවතින ජනාධිපති කොමිසම විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

Comments

comments