රනිල් – මහින්ද රහසිගතව හමුව : යෝෂිත බේරගන්න ඩීල් එක OK?

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඉතා රහසිගතව මෙම හමුව සිදු කර තිබේ.

ඉන්ෆෝ ශ්‍රී ලංකා වෙත වාර්තා වන අන්දමට මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදුව ඇත්තේද තාජුඩීන් ඝාතන නඩුව පදනම් කරගෙනයි.

මෙම විශේෂ සාකච්ඡාවේදී තාජුඩීන් ඝාතන චෝදනාවට ලක්වී සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙත සහනයක් ලබා දීමට හැකියාවක් ඇතිදැයි අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විමසා ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් මොහොමඩ් තාජුඩීන්ගේ අභිරහස්‌ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

 

 

 

ඉන්ෆෝ ශ්‍රී ලංකා

Comments

comments