රග්බි තරගාවලියේ ජය හැව්ලොක්ස් ක‍්‍රිඩා සමාජයට

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් ක‍්‍රිඩා සමාජය සහ පොලිස් ක‍්‍රිඩා සමාජය අතර තරගය ඊයේ 06 පැවැත්වුනේ කොළඹ හැව්ලොක්ස් ක‍්‍රිඩාංගණයේදි.

මේ තරගය ලකුණු 29 ට 13 ක් ලෙස ජයගන්නට හැව්ලොක්ස් ක‍්‍රිඩකයන් සමත්වුණා.

තරගයේ පළමු අර්ධය නිමා වුනේ ලකුණු 6 ට 5 ක් ලෙස පොලිසිය පෙරමුණේ සිටියදි.

හැව්ලොක්ස් ලකුණු 29 රැුස්කලේ ගෝල දිනුම් 3 ක් උත්සාහක දිනුම් 3 ක් සහ දඩුවම් පහරක් මගින්.

Comments

comments