රංගන වාස්ගේ වාර්තාව අලුත් කරයි | VIDEO

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දෙවැනියට දවාගත් ක්‍රිඩකයා ලෙස චමින්ද වාස් තබා තිබූ වාර්තාව සම කිරීමට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්  Rangana Herath සමත් වුණා.

ඒ මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆෆ් ඩු ප්ලේසිස් දවා ගනිමින්.

ඒ අනුව රංගනගේ සමස්ත ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගිය අතර එය චමින්ද වාස් දවාගෙන තිබූ කඩුලු ප්‍රමාණය සමකිරීමක් වුණා.

තවත් එක් කඩුල්ලක් දවාගත හොත් ඔහුට ඩෙනිස් ලීලී හා චමින්ද වාස් අභිබවා යාමට අවස්ථාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා විදිහට තවමත් පෙරමුණේ ඉන්නේ දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.

ඔහු දවාගත් කඩුළු සංඛ්‍යාව 795ක්.

record

Comments

comments