මහේන්ද්‍ර සිං දෝනි විස්සයි විස්ස සහ එක්දින තරඟ නායකත්වයෙන් ඉවත් වෙයි

ඉන්දිය ක්‍රිකට් නායක මහේන්ද්‍රසිං දෝණි විස්සයි විස්ස සහ එක්දින තරඟ නායකත්වයෙන් ඉවත්වී තිබෙනවා.

එක්දින තරඟ 283ක් සහ විස්සයි විස්ස තරඟ 73 කට සහභාගී වී ඇති දෝණි එළඹෙන 15 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දියාව 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් ශූරතාවය , 2011 විස්සයි විස්ස ලෝක ශූරතාව සහ 2013 චැම්පියන් ශූරතාව දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනි.

මහේන්ද්‍ර සිං දෝනි අවධියේ ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ නව දිශානතීන් ස්පර්ශ කළ අතර ඔහු ලද ජයග්‍රහණ ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන අකුරින් ලියැවී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) කියාසිටියි.

Comments

comments