මහින්ද පරාජයේ දෙවර්ෂ පූර්ණය මුහුණු පොත තුල සටහන් වූ අයුරු

2015 ජනවාරි 8 වනදා යනු මෙරට දේශපාලනයේ ඓතිහාසික මොහොතක්ය යන්න ප්‍රතික්ෂේප කල හැක්කේ එම “සිදුවීම” නිසා බලය අහිමිවූ සහ මහජන දෙපල රිසි පරිදි භුක්ති විඳිමින් සිටි රාජපක්‍ෂ කල්ලියට සහ මනෝරාජික ආන්තික වාම කණ්ඩායම් නියෝජනය කරන ‘පඬිවරුන්ට’ පමණි. මින් වඩාත්ම කුහක කණ්ඩායම වන්නේ ඉහතින් සඳහන් කල දෙවන කණ්ඩායමය.

එම ඓතිහාසික මොහොතට වසර දෙකක් ගත වන මේ මොහොතේ ද කියන්නට ඇත්තේ එදා කී දේමය. එනම්, රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීම යනු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කර ගැනීමේ දීර්ඝකාලීන ක්‍රියාවලියක ආරම්භක පියවරක් පමණි. දේශපාලන බල හුවමාරුවක් තුල ගොඩ නැගෙන සාපේක්‍ෂ නිදහස් වටපිටාව ප්‍රයෝජනයට ගනිමින් ධනේශ්වර ක්‍රමයට විකල්ප සමාජ ක්‍රමයක් බිහි කරගැනීමේ අරගලයයි අප ශක්තිමත්ව පෙරට ගෙන යා යුත්තේ. ජනවාරි 8 මොහොත උපහාසයට ලක් කරන “වාමාංශික” පණ්ඩිතයින් අවධානය යොමු කල යුත්තේ එම විකල්ප ප්‍රගතිශීලී දේශපාලන බලවේගය ගොඩ නැගීමට පසුගිය වසර දෙක තුල මෙන්ම වර්තමානයේත් ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද? එය ප්‍රමාණවත් ද? වැනි කාරණාය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව පිළිගැනීමට ජනවාරි 8 දේශපාලන වෙනසට දායකත්වය දැක්වූ අපට කිසිදු මැලිකමක් නොමැත. නමුත් එමගින් 2015 ජනවාරි 8 වනදා රාජපක්‍ෂ රෙජීමය ගෙදර යැවීම කිසිසේත් නිශේධනය නොවේ. අප කල යුතුව තිබෙන්නේ ධනේශ්වර ක්‍රමයට විකල්ප දේශපාලන බලවේගයක් ගොඩ නැගීමේ අරගලය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කිරීමට දායක වීමයි!!!

Upul Wickramasinghe 

……………………………………………………..

අප්පච්චි දීපු ටොපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාල අවුරුදු දෙකයි. ජනාධිපතිතුමයි අගමැතිතුමයි කාපු ටොපියේ කොලේ අපිට ලෙවකන්න හම්බුනා.

මෑත කාලින දේශපාලන ඉතිහාසේ බිහි වෙච්ච සුපිරිම මොළය.හිටපු ජනාධිපති මහිංද රාජපක්ෂ.තර්කයක් නෑ මට නම්.

යුද්ධය, යුද්ධයට ගත් ණය, යුද ජයග්‍රහනය,සියළු සංවර්ධන ව්‍යාපෘති, සංවර්ධන ව්‍යාපෘති ණය, ජ්‍යොතිෂය, හදිසි ඡන්දය, ඡන්දය පැරදීම, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවීම, වත්මන් දේශපාලන තත්වය..

සියල්ලම විසාල රාජපක්ෂ ව්‍යාපෘතියක අනු කොටස් පමනයි..

ජය ශ්‍රී !

Ridma Rasanjana Thennakoon

…………………………………………………………..

පාලකයො තමුංගෙ බලය පාවිච්චි කරලා කරන ජඩ වැඩ කොයි තරං හෙළා දකින්න ඕනෙ වුනත් සමහර ඒවා තියෙනවා මානුෂීය විදියට බලන්න ඕනෙ දේවල්. ඒ අතිං නාමල් රාජපක්ෂ මහත්තයාගේ නීති උපාධියත් එහෙම එකක්.

නීති උපාධියක් අරගෙන කලු පාට ලෝගුව දාලා නීතීඥ්ඥයෙක් වෙන එක ලංකාවෙ ගම් නියම් ගම් වල ගොඩක් මිනිස්සුන්ට අතිශය වැදගත් හීනයක්. නියම ක්‍රමවේදයන්ට විභාග වලට මුහුණ දීලා හරි විදියට නීති උපාධියක් ගන්න පුලුවං කමක් තියෙන කිසිම කෙනෙක් තාත්තගේ බලපුලුවංකාරකම් පාවිච්චි කරලා කාමරේ වහගෙන පේපර් එකට උත්තර ලියන්න උදවු කරන්න උගන්නපු ගුරුවරුම ළඟින් තියා ගෙන විභාග ලියන්නෙ නෑ. එහෙම ලියලා උපාධිය ගත්තට පස්සෙ “දැං මං නීති උපාධියක් තියෙන කෙනෙක්. හැමෝම හිතයි මම පාඩම් කරලා උපාධිය ගත්තා කියලා” කියල උජාරුවෙං හිතා ගෙන ඉන්න එක කොච්චර ආතල් වැඩක්ද 

මම නං කියන්නෙ මිනිස්සුංගෙ ඒ වගේ ආශාඅවන්ට පහර ගහන්න හොඳ නෑ. තාත්තා පැරදිලා අවුරුදු දෙකක් පිරෙන දවසෙ ඒ වේදනාවත් එක්ක බුකියට ඇවිත් කැමති ප්‍රශ්නයක් අහන්න කිවුවාමත් අපේ එවුං අහන්නෙ නීති උපාධිය ගත්තෙ කොහෙංද කියලා. ඒවා මහ පහත් වැඩ

හැබැයි ඔය රාජපක්ෂලා කියන්නෙ එහෙම ආවට ගියාට හැංගෙන මිනිස්සු නෙමෙයි. මේ වගේ සිද්ධියකදි ඔහොම කමෙන්ට් දාන එක නැවැත්තුවට “කාට හරි සැකයක් තියෙනව නං ආපහු ස්වාධීන විභාගයක් තියන්න. මං පාඩං කරලා විභාගෙ ලියලා ඔප්පු කරනවා මම නීතීඥ්ඥයෙක් වෙන්න සුදුසුයි කියලා” වගේ සිංහ නාදයක් පතුරුවලා ආපහු විභාගෙ ලියලා ඔය කොචෝක් දාපු ජංගි කොල්ලොන්ට දුවන්ඩ දෙයිද දන්නෙ නෑ

අඩේ ඒම සීන් එකක් වුණොත් 2050 දි විතර ඒ ස්ටෝරීයෙන් ඇකඩමි අවෝඩ් හම්බු වෙන ෆිල්ම් එකක් හැදෙන්නත් බැරි නෑ. කෝමද අමීර් කාන් වගේ නළුවෙක් පැරදිච්ච ජනාධිපතිගෙ පුතාට රඟ පානවා. ෆේස්බුක් එකේ එවුං කොචෝක් කරනවා නීති උපාධිය ගත්තෙ බලහත්කාරෙං නේද කියලා.එතකොට කොල්ලා අරුන්ට චැලේන්ජ් කරලා ආපහු විභාගෙ ලියලා රෙකෝඩ් කඩලා පෙන්නනවා. ෂෝ ෂෑන්ක් රිඩෙම්ප්ෂන් කැලේ නේහ්

ප.ලි.

අර වෙනස සැපයිද කියල අපෙං අහන බයි පුත්‍රයො වුණත් එතුමාට උදවු කරයිද දන්නෙ නෑ දැං. ඒ කාලෙ එහෙම කාලකන්නි පාදඩ වැඩ වුනේ නෑ කියලා ආපහු විභාගෙ ලියලා ඔප්පු කරලා පෙන්නන්න කියලා බල කරයිද දන්නෙ නෑ

Ravisha Thilakawardana

………………………………………………….

ජුලියස් සීසර්ගෙ ප්‍රකට කියමනක් තියෙනවා. Veni, Vidi, Vici. ඒ කියන්නෙ “ආවෙමි, දුටුවෙමි, දිනුවෙමි”.

මං හිතන්නෙ අද නාමල් බේබී අද තමුන්ගෙ ෆේස්බුක් පේජ් එකෙන් ඒක අතික්‍රමණය කළා. ඒ කියන්නෙ මෙහෙම:

“ආවෙමි, නෑවෙමි, ගියෙමි.”

Chameera Jeewantha Dedduwage

 

————–

දවස පුරාම බයියො නාවලා අමර ෆන් එකක් ගත්තනෙ… දැන් ටිකා..ක් සීරියස් දෙයක් කතා කරමු… කල් ඇතුව කියන්න ඕන, පක්ෂ පාට කන්නාඩි නැතුව මේක මැදහත්ව ගම්මු…

මහින්ද අප්පච්චි ගොබ්බ ජ්‍යෝතිර්වේදීන්ට රැවටිලා ඉල්ලං කාල අදට දෑවුරුද්දයි… බයියො අපෙන් අහනවා වෙනස සැපද කියල… ඇත්තටම වෙනස සැප ද..? ගොඩක් දෙනා ඒක ගොඩක් තැන්වල අහල තිබුණා… නමුත් පුදුමයකට වගේ, යහපාලන රජය ගේන්න දායක වුණු හැමකෙනාම එක හඬින් තාමත් කියන්නෙ, වෙනස සැප නම් නෑ, හැබැයි මේ දුක, බොලැයි අපුච්චා හිටියට වඩා නම් හොඳයි කියන එක…

ඇත්තටම බුකි බයි ප්‍රජාවට අපි විනාඩි දෙකක ශෝක කාලයක් දෙන්න අවශ්‍යයි… ආණ්ඩුව කෙරෙහි ජනප්‍රසාදය වේගයෙන් පල්ලම් බහිද්දි, බැදුම්කර, ෆොක්සගන්, චීන ඩීල් වගේ මාතෘකා හරහා ආණ්ඩුවෙ විශ්වසනීයභාවය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙද්දි, මිනිස්සු රනිල්ටයි සිරිසෙනටයි පලුයන්න බනිද්දි, බයියො හිතුවා අම්මට උඩු අද තමා පිංවත දවස, නෙළමු නෙළිල්ලක් ආණ්ඩුවට ආයෙ ඇප කැන්සල් වෙලා කුට්ට කුරිංචං වෙන්ඩ කියල…

මොකද වුණේ.. මොකද වුණේ කියන්නෙ බුකිය පුරා සිද්ද් වුණේ එකම එක දෙයයි.. ඒ තමයි ටොයියන්ට ඇද කරන්න ආපු බයියන්ට අම්ම මෝ නැතුව, උංහිටි තැන්වලම දරුබොක්ක බඩවෙන්න කුණුහරුපෙන්ම අහගන්න ලැබුණා ආයෙ ඊළඟ ජනවාරි අටවෙනිදටත් එක්කම… නාමල් බේබි මං හිතන්නෙ පිට පිට අද දෙවෙනි දවස ඔය නාපු.. මං හිතන්නෙ අද දවල් නාපු නෑමට පොරට මේ වෙද්දි නියුමෝනියාව හැදිල තියෙන්ඩ ඕන… ලෝකෙ ලොකුම නත්‍තල් ගහ නැතුවට මොකෝ ලෝකෙ කෙටිම ෆේස්බුක් ප්‍රශ්නෝත්තර වැඩසටහන තිබ්බනෙ… 😉

දැන් මේකෙන් අපිට ගන්න තියෙන්නෙ මොකක්ද..? අන්න ඒකයි සීරියස් කතාව… යහපාලන ආණ්ඩුව සාර්ථක නෑ, ඒක පිස්සු කෙළිනවා කියන එක ආයෙ කියන්න දෙයක් නෑ… නමුත් යහපාලන ආණ්ඩුව මොන පිස්සුව කෙළියත්, මිනිස්සු මහින්දව ආයෙ විකල්පයක් ලෙස බාරගන්නෙ නෑ කියන කටුක සත්‍යය, අද බයියො දෑහින්ම දැකගත්‍තා… ඇත්ත තිත්තයි නමුත් සත්තයි… පේජ් කාරයො මොන කුණ විකුණුවත්, වෙබ්සයිට් කාරයො මොන කුණ විකුණුවත්, සයිබරය තාමත් ටොයියන්ගෙ… අන්න ඒකයි පුතා සත්‍යය… 🙂

යහපාලන ආණ්ඩුව මේව බලාගෙන ඉන්නවනම්, තමන් ගැනම ස්වයං විවේචනයක් වහ වහාම කරගන්න දැන් කාලෙ හරි බව දැන් ඔවුන් තේරුම් ගත යුතුයි… මොකද මේ අවුරුදු දෙක මිනිස්සු ඉවසුවෙ මහින්ද පාලනය කියන යකාගෙ රස මතක නිසා… නමුත් ඉතාම ළඟදි දවසක ඒ ඉවසීමේ සීමාව රතුකට්ට පනීවි.. අන්න එදාට බයියො අද කාපු කෑම, ඩබල් ට්‍රිපල් වෙලා කන්න සිද්ද වෙන බව කිය යුතුමයි….

මහත්වරුනි මතක තබාගන්න.. සයිබරය සමාව නොදෙයි… 🙂

Chameera Jeewantha Dedduwage

 

Comments

comments