පෙ.ස.ප. කම්කරු අරගලයෙන් පොතක් එළි දකී

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරනු ලැබ තිබෙන ‘නව ලිබරල් ධනවාදයට එරෙහි වැඩ කරන ජනතා නැගිටීම් – ජාත්‍යන්තර අත්දැකීම් කිහිපයක්’ කෘතිය හෙට (11) මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී එළිදක්වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ලොව පුරා ක‍්‍රියාත්මක වෙමින් තිබෙන නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ ඊට එරෙහිව වැඩකරන ජනතාවගේ ප‍්‍රතිචාර ඇතුළු අත්දැකීම් මෙම කෘතිය ඔස්සේ සාකච්ඡා කෙරේ.කෘතිය එළිදැක්වීමෙන් අනතුරුව පැවැත්වෙන සම්මන්ත්‍රණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අදහස් දැක්වීමට නියමිතය.

 

sathhanda

Comments

comments