පිටසක්වල යානා සෙල්ලම අමෙරිකාවේ වැඩක් /රහස් ව්‍යාපෘති එළියට – 01

පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් ලොව පුරා විවිධ අවස්ථාවන්වලදී ආන්දෝලනාත්මක තත්ත්වයන් මතුවනවා.ඒ හදුනා නොගත් පියාසර වස්තූන් නිරන්තරයෙන් දර්ශනය වීමත් සමගයි.

මෙම පියාඹන පීරිසි වෙනත් ග්‍රහලෝකවල වෙසෙන බුද්ධිමත් ජීවීන්ගේ නිර්මාණ විය හැකි බවටයි ඇතැම් පිරිස් අර්ථ දක්වන්නේ.

එමෙන්ම ලොව පුරා දියුණු රටවල් පිටසක්වලයින් හා ගණුදෙනු කරන බවටද විවිධ අවස්ථාවලදී ඇතැම් පිරිස් අනාවරණ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම මත සියල්ලම ආන්දෝලනයකට ලක් කරමින් පිටසක්වල යානා සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදුව තිඛෙනවා.

ඒ පියාඹන පීරිසි ලෙස අප දකින යානා වෙනත් ලොවකින් පැමිණි ඒවා නොව අමෙරිකාවේ රහස් නිෂ්පාදනයක් ලෙසයි.

එනම් අමෙරිකානු ගුවන් හමුද්ව විසින් රහස් පර්යේෂණ යටතේ සුපර්සොනික් බලය සහිතව නිර්මාණය කර ඇති යානා විශේෂයක් ලෙසයි.

මේ ඒ සම්බන්ධ අනාවරණයේ පලමු කොටසයි.

Project 1794

2012 වසරේදී විකිලීක්ස් අනාවරණයකට අනුව හෙළිවූ 1791 ව්‍යාපෘතියට අනුව අමෙරිකාවේ පියාඹන පීරිසි සෙල්ලම ආරම්භ වී ඇත්තේ 1950 වසරේදීයි.

ගුවන් හමුදා ඉංජිනේරුවන් විසින් සැලසුම් කළ මෙම යානය පීරිසියක හැඩයකින් හා සුපර් සොනික් යානාවල තාක්ෂණය සහිතවයි සැලසුම් කර ඇත්තේ.

එම අනාවරණයන්ට අනුව මෙම යානයේ වේගය ශබ්දයේ වේගය මෙන් 4 ගුණයක් වන බවයි පැවසෙන්නේ.

ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක පිරිවැයක්ද දරා තිබුණා.

එය අද මූල්‍යමය වටිනාකමින් ඩොලර් මිලියන 26ක් පමණ වන බවයි අනාවරණයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් එසේ නිර්මාණය කළ යානා පාලනය කළ නොහැකිවීම යන සාධකය මත 1961 වසරේදී ව්‍යාපෘතිය අතහැර දැමූ බවයි සදහන් වන්නේ.

Project Iceworm

මේ අතර 1960 වසරේදී අමෙරිකාව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ කෑම්ප් සෙන්චරි නමින්. ග්‍රීන්ලන්තයේ හුදකලා කොටසක පොලව යට සකස් කරන ලද රහසිගත කදවුරු තුල මිසයිල සදහා වන බව කියන ව්‍යාපෘතියක් ලෙසද මෙය ක්‍රියාත්මකවී තිඛෙනවා. එහෙත් 1966 වසරේදී එය අතහැර දමන ලද බවයි සදහන් වන්නේ.

1966 වසරෙන් පසුව අමෙරිකාව ආරම්භ කර ඇති රහස් ව්‍යාපෘතියක් වන මෙය නම් කර තිබුණේProject MK-ULTRA නමින්.

එහි මූලික අපේක්ෂාව වී ඇත්තේ ඕනෑම පුද්ගලයකුගේ මනස පාලනය කිරීම සදහා වන තාක්ෂණයක් බිහි කිරීමටයි. එහෙත් 1973 වසරේ දිනක එහි සියලු පරීක්ෂණ නවතා දත්ත විනාශ කරන ලෙසට අණ ලැබී තිඛෙනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන පිරිස් පවසන්නේ අමෙරිකාව අවශ්‍ය ඉලක්කය ජය ගෙන එහි සාධක වනසා ඇති බවයි.

ඒරියා 51

https://s-media-cache-ak0.pinimg.com/564x/33/a1/34/33a134118e68fc1b4a9232300d126040.jpg

මෙයද සැලකෙන්නේ අමෙරිකාව සැබවින්ම පිටසක්වල හා ගණුදෙනු කරන හා පිටසක්වල ජීවීන් සගවා තබන කලාපය ලෙසයි. කෙසේ වෙතත් මෙය අමෙරිකාවේ පියාඹන පීරිසි මෙහෙයුම් නිර්මාණය කරන කලාපය බවටද අනාවරණ කර තිඛෙනවා.

එහෙත් එහි සිදුවන්නේ කවරක්දැයි යන්න මෙතෙක් ලෝකයටම පවතින්නේ අබිරහසක් ලෙසයි.

විකිලීක්ස් හා ස්නෝව්ඩන්ගේ අනාවරණ අනුව ඒරියා 51 කලාපයට පෙර සිටම අමෙරිකාව තවත් අබිරහස් පියාසර යානා ව්‍යාපෘතියක් පවත්වාගෙන ගොස් තිඛෙනවා. එය නම් කර ඇත්තේ Project Grudge නමින්.

මෙහිදී අබිරහස් පියාසර වස්තු පිළිබද සබදතා මෙහෙයවා ඇති බවයි පැවසෙන්නේ.

මෙයද කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇති රහස් පියාඹන පීරිසි නිෂ්පාදන ව්‍යාපෘතියක් බවටයි සදහන් වන්නේ.

දෙවන කොටස ළගදීම

Comments

comments