පික්පොකට් කාරයො අඳුනගන්න පොඩි ට්‍රයි එකක් දෙමුද?

පික්පොකට් කාරයෙක් කියන්නෙ ඔබේ පර්ස් එකට විතරක් නෙමෙයි හීන ගොඩකටම එකපාර ‍විදලා යන‍ කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් හොරෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මො‍හොත වෙනකොට සමාජෙ කාවවත් විශ්වාස කරන්න බැරි තැනකටයි ඇවිල්ලා තියෙන්නෙ. අපි මේ කියන්න යන්නෙ අපි බස්වල පික්පොකට් කාරයො ගැන කරපු පොඩි රිසර්ච් එකක විස්තර. ඒක ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි. හැබැයි අබව් ඕ‍ල්, එකක් මතක තියාගන්න. ඕනම කෙනෙක් පික්පොකට්කාරයෙක් වෙන්නත් පුළුවන් වගේම ඕනම කෙනෙක් පික්පොකට් ගැහිල්ලට අහුවෙන්නත් පුළුවන්.

1. කොයි වගේද?

Pick Pocket Expose Tips

Source – jaymaisel.com

මූණෙන් බලල කියන්න බැහැ. කොයි වෙලෙත් සැකෙන් ඉන්නෙ. අඳුනගන්න පුළුවන් ලක්ෂණ විදියට එක එක වෙලාවල්වල බස් එකේ එක එක තැන්වල ඉන්නවා දකින්න පුළුවන්. සෙනග අඩු වෙලාවට ඉඳගෙන. වැඩි වෙලාවට හිටගෙන. හැම තිස්සෙම වටපිට බල බල. ඒවගේම එක බස් හෝල්ට් එකකදි එකම විදියට ෂර්ට් යටකරලා ඇඳපු, සපත්තු දාපු සෙට් එකක්, බස් එකේ එක එක තැන්වලින් නැගිට්ටොත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. මිෂන් එකක් යනවා වෙන්න පුළුවන්.

2. නොකරන්නෙ?

Pick Pocket Expose Tips

Source – zen-travelers.com

ඒ අය නෝට් වෙන්න අකමැතියි. ඒ නිසා සෙනග අඩු බස් එකකදි වුනත් බෙල්ලට පිහියක් ති‍යලා සල්ලි ඉල්ලන්න තියෙන ඉඩ අඩුයි. එහෙම නොවෙන්නත් බැරි නැහැ. එහෙම සිද්ධ නොවී තිබිලත් නැහැ. ඒ උනත් ඒ අය පුළුවන් තරම් බලන්නෙ හොරෙන්ම වැඩේ දෙන්න. චාටර් වුනොත් ක්ෂණයකින් පැනලා යනවා.

3. කොහොම අයටද ‍පොකට් ගහන්නෙ?

Pick Pocket Expose Tips

Source – zen-travelers.com

දුර්වලයාව තමයි ටාගට් කරන්නෙ. කුඩ ඉහළන්න දඟලන ඇන්ටිලව. අමාරුවෙන් බහින අංකල්ලව. මෙලෝ සිහියක් නැතුව හාංචිපයිස් වෙලා උඩ බිම බල බල යන කෙල්ලොන්ව විශේෂයෙන්ම මේ‍ගොලොන්ගෙ ටාගට්. හැබැයි අවස්ථාවක් ලැබුනොත් ඕන කෙනෙක් එකයි.

4. තනි මිනිසා

Pick Pocket Expose Tips

Source – youtube.com

තනියෙන් පොකට් ගහන්න එන අය බොහෝවිට සෙනග අස්සෙ තෙරපිලා පර්ස් එකකට විදින්න තමයි උත්සාහ කරන්නෙ. ඒ වගේම එයාගෙ ඩ්‍රාමා සීන් නැහැ. කොහොමහරි ගොදුරක් ඩැහැගත්ත ගමන් පනින්නයි හදන්නෙ.

5. දෙකේ කල්ලි

Pick Pocket Expose Tips

Source – nomadicboys.com

දෙන්නෙක් එන කල්ලි තියෙනවා. එක්කෙනෙක් තමයි පොකට් ගහන්නෙ. අනිත් කෙනා පොකට් ගහන්නෙ නැහැ. එයා කරන්නෙ කවර් කරන එක. ඒ කියන්නෙ පොකට් ගහනවා කියලා පේන වටේ පිටේ අයගෙන් කවර් කරන එක. එයා අරගෙන එන්නෙ සාමාන්‍යයෙන්නං ටියුලිප් බෑග් එකක්. ඒ ටියුලිප් බෑග් එක පත්තර කොලයක් වගේ නවලා ඇතුළට දාපු හසුරවන්න හරිම ලේසි බෑග් එකක්. එයා කරන්නෙ සිප් එක ඇරපු හෑන්ඩ් බෑග් එකක් දාගත්තු කෙනෙක් ගාවට ගිහින් ඒ හෑන්ඩ් බෑග් එක කවර් කරන එක. ඒ මොහොතෙ එයාගෙ අත අස්සෙන් පොකට් ගහලා අනිත් කෙනා බස් එකෙන් බහින එක තමයි ප්ලෑන් එක. ඒ වගේම ඒදෙන්නගේ ඇඳුරුම් කමක් පෙන්වන්නෙත් නැහැ. මතක් කළ යුතුයි, සැක හිතෙන බව දැනගෙනද කොහෙදෝ මේ දවස්වල කට්ටිය ටිකක් පොෂ් බෑග් අරගෙනත් කවර් කරන්න ගේමට බහිනවා.

6. තුනේ කල්ලි

Pick Pocket Expose Tips

Source – corporatetravelsafety.com

තුනේ කල්ලියක වැඩි වෙන්නෙ කවර් කරන තවත් කෙනෙක්. ඒ කියන්නෙ ටියුලිප් බෑග් දෙකක්. ඒ දෙන්නම එකම විදියට ෂර්ට් යට කරලා ඇඳපු එකම විදියෙ දෙන්නෙක් කියල කියන්න පුළුවන්. ඒ දෙන්නා බෑග් එක පිටිපස්සෙන් දාලා පොකට් ගහන සීන් එක ලෝකෙන් කවර් කරනවා වගේම, පොකට් ගැසීමට හසුවන අසරණයාට යන්න ඉඩ නොදී ස්වාභාවික විදියට පාර බ්ලොක් කිරිල්ලත් කරනවා. ඒ සියළු දේ හරිම ස්වාභාවික විදියට සිද්ධ වෙන්න එයාලා වගබලාගන්නවා.

7. හතරෙ කල්ලි

Pick Pocket Expose Tips

Source – wikiwand.com

හතරෙ කල්ලිවල වැඩිවෙන්නෙ මොළයක් සහිත නළුවෙක්. පොර කරන්නෙ පොකට් ගැහිල්ලට අහුවෙන කෙනාව පැනික් කරන එක. ඔයා මොකද කරන්නෙ ඔතනින් පොඩ්ඩක් අයින් වෙන්න වගේ ටෝක් දීලා පොර නිකං මානසික බිඳීමක් ක්ෂණිකව හදවන්න දස්සයා. ඒ වගේම පොර පොකට් ගැසීමෙන් පසු අවස්ථා දෙකකදි දෙවිදියකට හැසිරෙනවා. ඒ සාර්ථකව පොකට් එකට විද්දොත් පොඩ්ඩක් අයින් වෙන්න නෝනා මටත් බහින්න, මං හිතන්නෙත් මිනිස්සු ටිකක් මෙතන කැරකි කැරකි හිටියෙ හොඳකට නෙමෙයි වගේ ටෝක් දෙනවා. පොකට් ගැහිල්ල කෙල වුනොත් බොරුවට නිකං කියව කියව දොරගාව බ්ලොක් කරන්නැතුව අයින් වෙනවද? අපිත් බහින්න ඕන. වගේ ටෝක්ස් ඉෂූ කරනවා.

8. හැකියාවන්

Pick Pocket Expose Tips

Source –cinemablend.com

ඔතන තුන්කොට්ඨාසයක් ඉන්නවා. ඒ පොකට් ගැසීමට විතරක් හැකියාවක් ඇති මිනිසුන්, කවර් හෝ මොළයක් ඇති නළුවෙක් විදියට රංගනයට පමණක් හැකියාවක් ඇති මිනිසුන් හෝ මේ දෙකම කළ හැකි මිනිස්සු. මේ දෙකම කළ හැකි මිනිස්සු දුර්ලභයි. ඕනම කල්ලියක මෙහෙම කෙනෙක් ඉන්නවා. එයා වැඩේට බහින්නෙ මේන් පික්පොකටියර්ට වැඩේ කෙළවුනොත් විතරයි. ඔය නළු බුවා‍ට පොකට් ගහන්න තරම් හැකියාවක් නැහැ. එහෙම පොරවල් කරන්නෙ හතරවැන්නාගේ චරිතය රඟදැක්වීම හෝ කවර් කරන්නෙක් වශයෙන් සහය දීම.

9. කොන්දොස්තර

Pick Pocket Expose Tips

Source – youtube.com

කොන්දොස්තර මහත්තයා කියන්නෙ හැමදාම මේ සිද්ධි දකින කෙනා. එයා අනිවාර්යෙන්ම මෙයාලව කලින් දැකලා තියෙනවා. ඒ අනුව සමහර කොන්දොස්තර මහත්තුරු නිකං ජෙනරල් පණිවුඩයක් නිකුත් කරනවා. බස්වල පික් පොකට් කාරයො ඉන්නවා. පරිස්සම් වෙන්න වගේ දේවල් එයලගෙ කටින් පිටවුනොත් පුතේ බඩු ෂුවර් තමයි. ඒ වගේම සමහරු ‍පොකට් කාරයට නොදැනෙන්න මිනිස්සුන්ට පොකට් කාරයව පෙන්වනවා. අනිත් කොට්ඨාසය නම් ඇත්තටම මේක කියන්න බයයි. එයාලා පොකට් ගැහිල්ලක් සිද්ධ වුනත්, මේක සිද්ධ වෙන්නෙ ඔයාලගෙ නොසැළකිල්ල නිසානෙ කියලා අමතක කරලා දානවා. මොකද පොකට් ගහන බුවෙක්ව මාට්ටු කළොත් එහෙම පහුවදාට එයාලට කොයි මොහොතෙ හෝ දැළි පිහි පාරක් ලැබෙන විත්තිය එයාලා දන්නවා.

10. ඉරි මාමලට ගෙවන හැටි

Pick Pocket Expose Tips

Source – zen-travelers.com

මේ කෑල්ල ඇතුළෙ කල්ලියක් විදියට එකට වැඩ කළාට බුවාලට බුවාලා ගැන තියෙන විශ්වාසෙත් හොඳටම පැහැදිලියි. අපි මේක දැක්කෙ එක දවසයි. බස් එකේ මගෙත් එක්ක පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙලා හිටපු පොකට් බුවාලා හතරදෙනෙක් එක එක තැන්වලින් දාහෙ කොල ඇද්දා. දෙන්නෙක්ම හංගං හිටියෙ බෙල්ට් එකේ බකල් එකේ. අනිත් එක්කෙනා පර්ස් එකේ. අනිත් කෙනා නිකංම සාක්කුවේ. අන්තිමට හොඳට දිගෑරපු දාහෙ කොල ටික එක්කෙනෙකුට දුන්නා. එයා බස් එකෙන් බැහැලා ගියා නිළ ඇඳුමක් ඇඳපු රජයේ නිළධාරියෙක් ගාවට. ගිහින් ඒ මනුස්සයාට අර දාහෙ කොල හතර දෙනකම් බස් එක ඇතුළෙ හිටපු අනිත් තුන් දෙනා ඇසි පිය නොහෙලා අර බුවා දිහා බලං හිටියා. එතන තියෙනවා කරුණු තුනක්. ඒ කොච්චර ගෲප් ප්‍රොජෙක්ට් කළත් කට්ටියට කට්ටියව විශ්වාස නැහැ කියන දේ සහ තමුන්ගෙ කේස් එකක් යට ගහන්න හෝ දෛනික ආදයම් මත පැනවෙන බද්දක් ‍විදියට මෙයාලා සම්තින් එකක් අර නිළධාරින්ට මිට මොලවනවා කියන එක.

11. මයින්ඩ් ගේම්ස්

Pick Pocket Expose Tips

Source – youtube.com

නළුවා මයින්ඩ් ‍ගේම්ස්වලට උපන් හපනා. එයා මුලින් කිවුව විදියට මිනිස්සුන්ව කලබල කරවන්න, අසරණ කරවන්න හරි දස්සයා. ඒ වගේම මිනිස්සු එක්ක ෆිට් වෙන සීන් එකකත් මේ අයගෙන් සමහරු ඉන්නවා. මේ පාරෙන් කොල්ලුපිටියට යන්න පුළුවන්ද? මාව වලේ වැටෙයිද? වගේ ගොන් ප්‍රශ්න අහ අහ මෙයාලා මිනිස්සු අතරට යනවා. එතකොට මෙයාලට වැඩේට ලේසියි. ‍

‍12. කොමියුනිකේෂන් සිස්ටම්

Pick Pocket Expose Tips

Source – videohive.net

සාමාන්‍යයෙන් පොකට් ගහන්නෙ කාවද කියලා ටාගට් කරන්නෙ පොකට් ගහන පොර. කවර් කරන බුවාලා ඒ වෙනුවෙන් ඩියුටි කෝල් කරනකොට රෙඩිවෙලා ඉන්න එකයි කරන්නෙ. ඒ විදියට ඩියුටි කෝල් කරන එක කරන විදි කිහිපයක් තියෙනවා. කොන්දොස්තරගෙන් ටිකට් ගන්නකොට හෝ කනින් කොනින් ඇහෙන කෝල් එකකින් තමුන්ගෙ ටාගට් එක බහින්නෙ කොහෙන්ද කියලා දැනගත්තොත් මෙයාලා ක්ෂණයකින් ඒක හුවමාරු කරගන්නවා. ඒත් තමුන්ගෙ සගයො ටික ලඟ නැත්තං බොරුවට ෆෝන් එක කනේ තියාගෙන කෝල් එකෙන් වගේ බහින හෝල්ට් එක කියනවා. ඒ වගේම තමුන්ගෙ ටාගට් එක නොසිතූ මොහොතක ක්ෂණයකින් බහිනවානම් කැස්සෙන් කට්ටියගෙම අවධානය දිනාගන්න ලොකු කැස්සක් එක්වරම පිටවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් මෙයාලගෙ ෆේවරිට්ම කොමියුනිකේෂන් සිස්ටම් එක වෙන්නෙ ඇහෙන්. ඇස් කතා කරනවා තමයි ඉතිං.

13. අවස්ථා සලසා ගැනීම

Pick Pocket Expose Tips

Source – federicomerlo.com

මෙයලා හිස් බස්වලට නගින්නෙ නැහැ. අපිත් පළතුරු නැති පළතුරු කඩවලට යන්නෙ නැහැනෙ. මෙයාලා තනියෙන් හිටියොත් මිසක් හොඳටම පිරිච්ච බස්වලට නගින්නෙත් නැහැ. මෙයාලා නගින්නෙ ඉස්සරහ හෝල්ට් එකකින් දෙකකින් හොඳට සෙනග පිරෙයි කියලා ෂුවර් බස් එකකට. මොකද බස් එක ඇතුළෙ ඉඳන්ම මේ ගේම් එක ප්ලෑන් කරන්න ඕන. බස් එකේ වයසක මිනිස්සුත් නැත්තං, පිස්සු විකාර වෙලා ඉන්න කෙල්ලෝ නැත්තං, මෙයාලට පොකට් ගහන්න අවස්ථාවක් උදාකරගන්න වෙනවා. ඒ නිසා හිරවෙච්ච බස් එකක එකපාරටම කාටහරි නැගිටලා සීට් එකක් දෙන විදියෙ ඇක්ට් එකක් මෙයාලා ගාව තියෙනවා. ඒ ඇක්ට් එක කරන බුවා සීට් එක දෙන අතරෙ සීට් එකට යන්න තියෙන ඉඩ බ්ලොක් කරලයි වැඩේ කරන්නෙ. එතකොට අනිත් කෙනෙකුට පොකට් ගහන්න ලේසියි. අනිත් තැන තමයි බස් එකෙන් බහිද්දි. කවර් කරන්න ඉන්න බුවාලා හිමිජ්ජො වගේ ඉන්නෙ. ඉඳලා බෑග් එකක් බිම වට්ටලා බස් එකෙන් බහින්න ඉන්න අයව බ්ලොක් කරලා තමුන්ගෙ පොකට්කාර සගයාට ඉඩක් හදලා දෙන්න උත්සාහ කරනවා.

14. හැඩහුරුකම්

Pick Pocket Expose Tips

Source – twitter.com

කොණ්ඩෙ කොටට කපපු ඒත් ලින්ටන් සේමගේ ටයිප් ෆේස්කට් එක තියෙන පොරක් ඉන්නවා. කළුයි. ප්‍රධාන වශයෙන් වැඩේ කරන්නෙ ගාලු පාරෙ. ටිකක් මහතයි. අඳින්නෙ ටීෂර්ට් හෝ ෂර්ට් එක උඩින් දාලා. ඇතැම් වෙලාවට කැප් එකක් දානවා. හැම තිස්සෙම පල්ලියක් වුනත් පන්සලක් වුනත් දැක්ක තැන නැගිටලා ආගම අදහනවා.

සුදු, උස, මහත, පෙට්ටි මූණක් තියෙන පොරක් මොලයක් ඇති නළුවෙක් වශයෙන් වගේම කවර් කිරිල්ලත් කරනවා. උඩ සඳහන් කරපු කෙනයි මෙයයි වෙලාවකට එකම කල්ලියෙ වැඩ කරනවා.

හයිලෙවල් බස්පාරෙ අවුරුදු පනහක විතර මනුස්සයෙක් එක්ක සීයා ටයිප් පොරක් පොකට් ගහනවා. ඒ දෙන්නත් සුපිරි වැඩකාරයො. සීයාගෙ වයස හින්දා කවුරුවත් සැක හිතන්නෙත් නැහැ.

ඒ ඇරෙන්න අනිත් අය අතරින් හඳුනගන්න පුළුවන් කෙනෙකුට ඉන්නෙ රොෂාන් රවීන්ද්‍රගෙ වගේ මූණක් තියෙන, කොන්ඩෙ කොටට කපපු, වම් අතේ වැලමිටට පහලින් ඇතුල්පැත්තට රවුමකට හුරු ටැටූ එකක් ගහපු පොරක්

මේ ෆීල්ඩ් එකේ අපිට අහුවෙච්ච අනිත් අය හුඟක් කෙට්ටුයි. ඒ අතරෙ ෂර්ට් එක කලිසමට යට කරලා සපත්තු දාලා පිළිවෙලට අඳින, පොකට් ගහන්නත්, කවර් කරන්නත් දෙකටම දක්ෂ හීනි ගිනිකූරු කට් උඩු රැවුලක් තියෙන, පොල්ගෙඩි ඇස්දෙකක් තියෙන, ලීලසේන ටයිප් මූණක් තියෙන පොරකුත් ඉන්නවා. අනිත් අයගෙත් මූණ ඇරෙන්න ඔය හැඩහුරුකමම තමයි.

වැල්ලවත්ත කිට්ටුව පොකට් ගහන කෙල්ලො දෙන්නෙකුත් ඉන්නවා. ඒ අය පොකට් ගහන්නෙ ගෑණුන්ටමයි. මොකද ඇඟට හේත්තුවක් දැම්මත් සැක හිතන්නෙ නැහැනෙ.

15. සීමාමායිම්

Pick Pocket Expose Tips

Source – athavaneng.com

මේ හැමෝම තමුන්ගෙ රූට්වලින් එහාට යන්නෙ නැහැ වැඩිය. ඒකට හේතුව හිඟන්නෝ වගේම පොකට් කාරයොත් තමුන්ගෙ බිස්නස් එක කරන වැයික්කි තියං ඉන්න නිසා වෙන්නැති කියලා අනිවා අපි හිතනවා.

16. කල්පනාවෙන්

Pick Pocket Expose Tips

Source – discountcutlery.net

ඕගොල්ලොත් බස් එකේ යන‍කොට ඉයර්ෆෝන් ගහගන්නෙ නැතුව, නිදියන්නෙ නැතුව ෂේප් එකේ වටපිටාවට ඇහැදාගෙන ගියොත් මේ අය පෙනේවි. ඔයාලා එයාලව නෝට් කරගත්තට කමක් නැහැ. ඔයාලා දකිනවා කියලා එයාලට නෝට් වෙන්න දෙන්නෙපා.එහෙම වුනොත් ඔයාලටත් ස්රීස් ගාලා කැපිලා යන ලස්සන දැලි පිහිපාරක් බලාගන්න පුළුවන් වෙයි.

-සැලකිය යුතුයි –
ලිපිය සඳහා භාවිතා කර ඇති ඡායාරූප එහි අදහසේ නිරෑපනයන් උදෙසා පමණක් භාවිතා කර ඇති අතර එයින් සැබෑ පික්පොකට්කරුවන් හෝ සම්බන්ධිත පුද්ගලයන් නිරූපණය නොවන බව කරුණාවෙන් සලකන්න.

Cover Image Source – corporatetravelsafety.com

Comments

comments