ප්‍රවීණ නළු ආදරණීය ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා වෙත ගෞරවයෙන් හා ආදරයෙන් ලියමි

මිනිසා බිහි වුයේ කොතැනද එතන නිෂ්පාදනය බිහි වූ බවත් නිෂ්පාදනය බිහි වූ තැන කලාව බිහි වූ බවත් පැවසේ…ඒ නිසා කලාව හා කලාකරුවා පවතින්නේ ජනතාව නිසා බව අප විශ්වාස කරමු..

අප මෙන්ම රටද තීරණාත්මක මොහොතක් පසු කරමින් ඇතැයි සිතේ.. මෙම තීරණාත්මක තත්වය අනිවාර්යයෙන්ම ජයග්‍රහණයකින් කෙලවර කල මේ රටට මෙන්ම ජනතාවට විමුක්තිය,සාධාරණත්වය හා සංවර්ධනයේ නිදහස අපි ලබා ගත යුතුයැයි තරයේ අධිෂ්ඨානයක අප පසු වෙමි… එවැනි තත්වයක ආදරණීය ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක් මේ රට බේරා ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුක පෙරමුණ සමග අත්වැල් බැදගන්නා ලෙස ජනතාවට කරන ලද විහුළු සහගත කේදනීය ඉල්ලීම අරබයා මෙම ලිපිය ලියමු..

අප අද පසුකරමින් පවත්නා මේ කේදනීය නිමේෂය පුද්ගල ගැටළුවක් ලෙස අපි වටහා නොගනිමු.. ජාතික ධනේශ්වර රාජ්‍ය අර්බුදයට යෑම හා එයට විසදුම් සොයා එතැනින් ඔබ්බට ගොඩනැගුණු අධිරාජ්‍ය යුගය, නිෂ්පාදනය පුළුල්වීම සීමා ඉක්මවා එකතැන පල්වීම දක්වා පත්වීම හා අසමානතාව, දුප්පත්කම, අයුක්තිය,අසාධාරණය,වංචාව,පිරිහීම පැලපදියම් වූ අවසාන ක්‍රමයේ අර්බුදයක ලෝකය ගිලෙමින් ඇති බව අපේ විශ්වාසයයි.. අද අප මුහුණ දෙමින් සිටින්නේ එම ක්‍රමයේ පිරිහීමේ ප්‍රතිවිපාකයි… වසර දෙකක් තිබියදී ඉක්මන් මැතිවරණයකට ගොස් බලය අහිමිකරගත් හිටපු ජනපති ප්‍රමුක ආණ්ඩුව තිබ්බද මෙම ක්‍රමයේ අර්බුදය සහ එය විසින් ජනතාව වෙත එල්ලකරන මර්දනකාරී තෙරපුම මීට නොවෙනස් බව අපි දනිමු.. එය ඉතිහාසය විසින්ද ඔප්පුකර ඇත…

මහින්ද රාජපක්ෂ ප්‍රමුක හිටපු ආණ්ඩුව කෙබදු වර්ගයේ ආණ්ඩුවක්දැයි අපි තේරුම් ගත යුතුව ඇත.. රජ පවුලක් සේ පවුලක් විසින් සමාජ බලහත්කාරය යොදමින් සොරකම,වංචාව,අසාධාරණය ඉහවහා යවමින් ජානතාව තලාපෙලමින් බලය කේන්ද්‍රීය කරගත් පාලනයකි.. එවැනි පාලනයකින් රටක ජනතාවට මෙන්ම මේ සමාජය වෙලාගත් ගැටළුවලට පිළිතුරු ලැබෙන්නේ නැත.. අනෙක බලහත්කාරය පවතින සාමාජයක අනාගත සංවර්ධනය නිසිලෙස සිදුවන්නේද නැත…

වර්තමාන ආණ්ඩුව පසු ගිය රජය සේම සොරකම,කොමිස් මත පදනම්ව ආණ්ඩු කරන ආකාරය දිස්වේ.. එමෙන්ම මේ රටේ සම්පත් කුණු කොල්ලයට විදේශයන්ට විකිණීම දක්වා තල්ලු වී ඇත.. රටේ ජාතික නිෂ්පාදනය විනාශ කර දමා ඇති තත්වයක ගනිපු ණයවල පොලීවත් ගෙවා ගැනීමට සමත් ජාතික ආදායමක් නැති රටක ජීවත්වෙමින් ඇත.. මිනිස් ජීවිත ඉතා අපහසු මෙන්ම බොහෝ පිරිහී ඇත.. නිදහස අහිමි වෙලාය.. අධික බදු,දඩ ජනතාව මත පැටවිලාය.. මේ සියළු ප්‍රතිපලයන් දවසක දෙකක ඒවා නොවේ.. පසුගිය රට පාලනය කල සෑම ආණ්ඩුවක්ම කර කී දෑ මත පත් වූ වර්තමානයයි…

රට දිනෙන් දින මුහුණ දෙන ආර්ථික අර්බුදයත් ඒ නිසා තැලෙන ජනජීවිතත් වැනසෙන රටත් මේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය තුල ගොඩගත නොහැක… පාලකයන් මේ රටට කර ඇති වින්නැහිය හොදටෝම ඇතිය.. රටේ ජනතාවගේ සමගිය ඇති කරමින් රට, සමාජය නව ඉම් සොයා ගෙන යාහැකි විකල්ප ජනබලයක්… පුළුල් ජනතා පෙරමුණක් මේ මොහොතෙහි මේ බිමට ඕනෑමය.. එවැනි තත්වයක අද පවත්නා තත්වයට වගකිව යුතු තවත් පාලනයක් සමග අත්වැල් බැදගැනීමෙන් මේ බිමට තවත් අයත්වන්නේ කේදනීයත්වයන් පමණි.. සැබෑ ජයග්‍රහණ පසුපසට යෑම පමණි…

රටේ සෑම දෙයක්ම කේදනීය ලෙසත් තීරණාත්මක ලෙසත් අර්බුදයට යමින් ඇත.. ජනතාවගේ ජීවිතය මෙන්ම ජීවත්වීමද ඉතා අසීරු වෙමින් ඇත.. මේ සියල්ලටම සැබෑ විමුක්තියක් අප සොයා ගත යුතුය.. එවැනි තත්වයක මෙම අවස්තාව පවතින පන්නයේම තවත් පාලනයකට අප අත්කර දිය යුතු නැත.. සැබවින්ම එය ජනතාවට කරන අසාධාරණයකි… එම නිසා ඔබ තුමන්ලා ජනතාව ගැන සිතා සාධාරණ යහපත් තීරණයක් ජනතාව වෙනුවෙන් මේ තක්කඩි පාලනයන්ගෙන් මේ රට මුදවා ගැනීමට ගනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු…

 ලිපිය ගැන ඊවොයිස් වෙතින් අදහසක්
මෙම ලිපිය පිලිබදව  ඊවොයිස් අපේ කට්ටිය අතර පොඩි කතා බහක්  ඇති උනා
මේ ලිපිය ගහමු කෙනෙක් යෝජනා කලා
නෑ මේ ලිපියට එකග වෙන්න අමාරුයි
ඇයි ඒ කෙනෙක් ඇහුවා
මේකෙන් කිය වෙනවනේ  මේ ශ්‍රියන්ත කරන්නේ බොක්කෙන්ම
මහින්ද ගෙනෙල්ලා රටේ ප්‍රස්න විසදන්න ගන්න අවංක උත්සාහයක් කියලා
ඉතිං
ඉතිං කියන්නේ  …. මහිහින්ද ඇවිල්ලා ප්‍රස්න විසදනවා තියා මහින්දටත්  බැරි නිසයි මැතිවරණයක් තියන්න උනේ ඒක වෙනම කතාවක් කියමුකෝ
ශ්‍රියන්ත මේ කරන්නේ බොක්කේ වැඩක් නෙමෙයි
ශ්‍රියන්තගේ මේ රගපෑම පිටි පස්සේ  තියෙන්නේ ජරාවක් එහෙම නැත්නම් ශ්‍රියන්ත කෙලින් කියන්න ඕන එහෙම එකක් නෑ මේ  මම කරන්නේ බොක්කෙන්ම වැඩක් මම  මහින්දගෙන් වතුර උගුරක්වත් බීල නෙමෙයි  මේ පෙනී ඉන්නේ කියලා
ඔව් ඒ කතාවට එකගයි ඒත් ශ්‍රියන්ත මාධ්‍ය හමුවක් කැදවලා කිව්වොත් මම වැඩ කරන්නේ ලැබුණු දේවල් සහ අනාගතයේ දේවල් ලබා ගන්න බලාගෙන නෙමෙයි කියලා
සීයට සීයක් ඔට්ටුයි මිනිහට එහෙම කරන්න බෑ
ලියන්න හිටියේ කෙටි සටහනක්  අන්තිමේදී අපි තීරණය් කලා මේ දෙබස් ටික දාමු කියලා
මම හිතන්නේ මේ ලියුම් කරුවාට වැටහීමක් ඇති වෙන්න ඕන ඊවොයිස් කට්ටියගේ අදහස මොකක්ද කියලා

උපුටා ගත්තේ  Buddika Lasanthaගේ මුහුණු පොතිනි..

Comments

comments