ප්‍රභූ ආරක්ෂාව සේම මහජනතාවගේ ආරක්ෂාවත් බැලිය යුතුයි : JVP

ජනාකීර්ණ ප්‍රදේශවල පවතින සියලුම ආයුධ ගබඩා ඉවත් කර ජනජීවිත සුරක්ෂිත කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

සාලාව හමුදා කඳවුර මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට ප්‍රදේශවාසීන් විවිධ අවස්ථාවල ඉල්ලීම් කර තිබෙන බවද එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

සාලාව හමුදා කඳවුර අවට ප්‍රදේශය ආබාධිත රණවිරුවන් සිටින ගම්මානයක් හා රජයේ රෝහලක් ඇතුළු ජනතාව විශාල ලෙස පදිංචිව සිටින ප්‍රදේශයක් බවද ඔහු පවසා සිටියේය.

අද (06දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රචාරක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

Comments

comments