පළමුව වටින්නේ අසල් වැසියා මිස වෙනකක් නොවේ

සිංහල මුස්ලිම් සංසදයේ අද මගේ පෝස්ට් එකකි:-ඊයේ මේ පිටුවේ පෝස්ට් එකක මෙම පිතුරය දක්ක ගමන් මට හිතුනා මේ ගැන යමක් ලියන්න,

අදාල පිංතූරය

halal

 

නමුත් ඉතා ගැඹුරු මාතුකාවක් නිසා වැදගත්ම වන අංශ තුන ගැන බිඳක් , 1.ලංකාවේ මුස්ලිම්වරුන් හා සිංහල සහෝදරයින් අතර තිබුණු සහෝදරත්වය -මගේ අත්දැකීම්, 2.හලාල් කොම්පැනිය නොහොත් -ACJU-හලාල් අංශය, 3.පහුගිය ආණ්ඩුව හා හලාල්. 1:-මම ඉපදී හැදී වැදුනේ කඳුකරයේ ඈත නො-දිවුණු ඉතා කුඩා ගම්මානයකකි. එම මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් ගෙවල් 30යි. අවට සිංහල ගම්මාන 5-6කි. මගේ පියා සිංහල-ආයුර්වේද වේදමහත්මයෙකි.නාරන්වෙලා රජමහා විහාරයේ පිරිවෙණෙහි උගත් ප්‍රදේශයේ ප්‍රසිද්ද වේදමහත්මයෙකි. ඔහුගේ කස්ටමර්ස්ලා 99.99% සිංහල මිනිසුන්ය, මගේ මිත්රවරුන් 1000ක් ගතහොත් 975ක් ම සිංහල මිත්රයන්ය.
කෙටි සිද්දි එකක් … 1983 පේරාදෙණියේ පුහුණුවක යෙදී සිටියෙමි, කව්රුත් දහවල් කෑම ගෙදරින් ගෙනෙන නිසා මමත් මගේ මවට කියා මුලදීම කෑමක් ලැහැස්තිකර ගෙනාවෙමි . මාගේ මිත්‍ර කරුණානායක (කපිල) ඔහුගේ කෑම පාර්සලය අරන් මාසමග වාඩිවුනා. මගේ කාමෙහි මාලු කිහිපයක් තිබුනද කපිලගේ කෑම පාර්සලය සුදු කැකුළු හාල් බත හා තෙම්පරාදු කරපු පොල් සම්බෝලේ පමණයි තිබුනේ . කපිල”මචං” මට නං දෙන්න තියෙන්නේ මේ සම්බෝලේන් ටිකක් විතරයි, ඕනේ නං පොඩ්ඩක් දාගනින්, මම ඔහු ගේ සම්බෝලේ ටිකක් ගත්තෙමි, ඒ ය කෑවිට මට හිතුනි ඔහුගේ කැකුළු හාල් බත් ටිකකුත් අරං කන්න.’ ඇත්තටම මසුරං කෑමක්”. එදායින් පසුව මම ගෙදරින් කෑම ගෙනාවේ නැහැ. කපිල ඔහුගේ අම්මාට කියා කෑම ටිකක් වැඩිපුර ගෙනාවා අමතර වැඩිපුර සම්බෝලාත් එක්ක , ඉතුරු අවුද්දම ඒ කෑම එක එකම කෑම පැකට්-එක අපි දෙන්නම කෑවා.”සිංහල -මුස්ලිම් මිත්‍ර” කමට මේ උදාහරණ සැහෙයියැයි මා හිතනවා,නමුත් තවත් අනන්ත-අප්‍රමාන අත්දැකීම් මාහට තියෙනවා.
2:-හලාල් ප්‍රශ්නය පටන් ගත්තු අවදියේ කැලණිය විශ්ව විද්දීයාලයේ ආචාර්ය මව්ලවි-ඉබ්‍රාහිම් තුමන්ව හමුවී-(ඉබ්‍රාහිම් මව්ලවි ලංකාවේ සිටින සිංහල-දෙමල -අරාබි-ඉංග්‍රීසි මනා දැනුමක් ඇති, අල්-කුරානය සිංහලයට පර්වර්තනය කරපු විද්වතුන්ගේ කන්ඩායමේ නායකයාද වූ අග්‍රගනයේ විද්වතෙකි)-මෙසේ ඇසුවෙමි:- ඇයි ඔබ තුමන් ACJU එකට සම්බන්ද වෙන්නේ නැත්තේ?. ඔහු ගත්කටින් මෙසේ කිව්වා, මම අවු:15ක්ම ඔය ACJU-සන්වුධානයේ කොමිටි මෙම්බර්කෙනෙක්, අදවෙනතුරු එක මීටින්-එකකටවත් මට ආරාධනාකර නැහැ. ඔයා ACJU+ හලාල් කොමොටිය සම්පූර්ණ හොර කල්ලියක්. කිසිම පාර්ලිමේන්තු පනතක් නැතුව, ශ්‍රී ලංකා ජනරජ මුදල් පනත උල්ලංගනය කර තමන්ගේ දේශපාලන ඇයි-හොදකම් තියාගෙන නීතිවිරෝදී හලාල් සැටිෆිකෙට් දීගෙන මුදල් හොයපු හොර කල්ලියක්.
3.රාජපක්ෂ ආණ්ඩුවේ විශේෂම අංගයක් වුයේ , එම ආණ්ඩුව පිහිටවීමට උදව්-උපකාර කරපු රාජපක්ෂ රෙජිම හදපු අයම පළමුවෙන් බිල්ලට ගැනීමයි… උදා:මංගල සමරවීර, හා JVP හා බොහෝ…, ACJU ලොකු උලමාත් ජෙනිවා ගිහිං MR වෙනුවෙන් පෙළපාලි ගිය , මන්දිරයේ වලන් (හෝ..)කොම්පනියෙ උසස් සාමාජිකයෙකු වුනාට , හලාල් බිස්නසය නැගලා යනවිට , රාජපක්ෂ ආණ්ඩුවට මංගල සින්ඩ්‍රෝමය සෑදී, සේනාවල් බිහිකර තඩි-උලමාටත් වැඩේ පෙරසේම දුන්නේය.
වැඩි විස්තර අවශ්‍ය නැත, හේතුව මම දන්නාදේම ඔබත් දන්නා නිසා ………………… පේයාවට, කසායට වැක්ස්/බාම් මොන ඌරු තෙල්ද? ශ්‍රී ලංකා මුස්ලිම් සහෝදරවරුනි සිතන්න, ඉක්මන් නොවෙන්න…සංවාදය විවුත්තයි…අකමතිදේ අතාරින්න, අපේ අල්ලපු ගෙදර මිනිහා සිංහල හෝ දෙමල මේ ඔක්කොටොම වඩා වැදගත් නේද?.

 

   mohamed   Mohamed Jemaldeen Nowfer

Comments

comments