නාමල්ගේ ආදර්ශය අසෝබනයි : ලක්ෂ්මන් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රජයට උපරිම සහයෝගය ලබා දෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමති. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ අද(01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ රටේ බොහොමයන් ව්‍යාපෘතීන් හා භූමි කොටස් විවිධ රටවල් වලට සින්නක්කරව ලබා දීමට කටයුතු කළ බවයි.

නමුත් වත්මන් ආණ්ඩුව විසින් එම තත්ත්වය මගහරිමින් සියලුම රටවල් සමගින් සුහඳව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

එ‍මෙන්ම පාගමන් ගිය පමණින් ආණ්ඩු ගෙදර යැවිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

අතීතයේද විවිධ අවස්ථාවලදී විවිධ පිරිස් මෙලෙස පා ගමන් ගිය බවත්, ඉන් ආණ්ඩු ගෙදර යැවීමට නොහැකි වූ බවත් ඔහු පවසයි.

එමෙන්ම දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමක නිරතවන බවද, ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ පක්ෂය දෙකඩ කිරීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ වතුර ඉල්ලූ රතුපස්වල පිරිස් වෙඩි තබා ඝාතනය කළ බවත්, ඔවුන් පාද යාත්‍රාවේ පැමිණෙන විට රතුපස්වල ජන‍යා ඔවුන්ට බීමට පාර දෙපස වතුර තබා තිබුණු බවත් ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙම පාද යාත්‍රාව අතර තුරදී නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව කණගාටුවන බවද ඔහු පැවසුවේය.

ඒ මහතා කියා සිටියේ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස අසභ්‍ය වචන කියමින් පාද යාත්‍රාවේ ගමන් කිරීම රටේ තරුණ ප්‍රජාවට අසෝබන ආදර්ශක් බවයි.

එමෙන්ම විශ්‍රාම ගිය මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම සුවයෙන් කල් ගත කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Comments

comments