ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලකුණට රු.56000ක් ලැබිලා, නායකයාටත් රු. 27000ක්

පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ( Sri Lanka Cricket ) ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ආකාරය අනුව එක් ක්‍රීඩකයෙක් පසුගිය අවුරුද්දේ කෝටි පහකට වැඩිය ක්‍රිකට් ආයතනයෙන් උපයාගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එහෙත් එම ක්‍රීඩකයා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව ගැන සලකා බැලු කළ ඔහුට එක් ලකුණකට රු.56000ක මුදලක් ක්‍රිකට් ආයතනයෙන් වියදම් කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කණ්ඩායමේ නායකයා ලබාගෙන තිබෙන ගණන අනුව ඔහුට ලැබී තිබෙන්නේ රු. 27000ක් විතරයි,ඒ කියන්නේ අසාර්ථක වුනත් ක්‍රීඩකයෙක්ගේ සාක්කුවට මුදල් යනවා. මේවා අපි විවේචනය කරනවා නෙවෙයි රට වැසියන් මේ සියලු දේ දැනගතයුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම ක්‍රමය වෙනස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

මෙලෙස ලකුණකට රු. 56000ක මුදලක් ලැබී ඇති ක්‍රීඩකයින් මේ වන විට ජාතික කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ මේ දිනවල ක්‍රීඩා කරමින් සිටිනවා.

Comments

comments