ගස් කතා කරනවා : විද්‍යාඥයන් කියයි

ඔබේ ගෙදර අය එකිනෙකා සමග කතා කරන ආකාරයට, තොරතුරු හුවමාරු කරගන්නා ආකාරයට ඔබේ ගෙවත්තේ තිබෙන ගහකොළ කතා බහ කරන බව ඔබ දන්නවාද?

ජර්මනියේ ගෙවතුවල Barberry යනුවෙන් හඳුන්වන ගස්‌ වර්ගයක්‌ තිබෙනවා. මෙහි හට ගන්නා ගෙඩි වර්ගය රසයෙන් සහ පෙනුමෙන් ලංකාවේ ඇතැම් පළාත්වල තිබෙන “ජැම්සන්” නමැති ගෙඩි වර්ගය හා සමානය. එම ඵලය තුළ තිබෙන බීජ සරු බීජ කරනවාද එහෙමත් නැත්නම් නිසරු බීජ කරනවාද යන තීන්දුව ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් Barberry ගසට පුළුවන්. ඒ අනුව මේ ගස තම බීජ වලින් කොටසක්‌ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රහාරවලට ඔරොත්තු දීමට හඳුන්වන පරිදි ශක්‌තිමත් කරන අතර ඉතිරිය මහා ක්‍ෂුද්‍ර ජීවීන්ට ගොදුරු වන පරිදි නිසරු කරනවා.

උද්භිද විද්‍යාවට සම්බන්ධ මේ අගනා දත්තය සොයාගෙන තිබෙන්නේ ජර්මනියේ ඨදඑඑසබටැබ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌. Barberry ශාකයේ අනාගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශාකය විසින් ගන්නා ලබන මේ තීරණයට අදාළ “මතකය” මේ ශාක වර්ගය පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යනවා. පර්යේෂණ කණ්‌ඩායමට අයත් ආචාර්ය Kartin Meyer Barberry ශාකයේ මෙන් විශේෂිත හැකියාව ඔවුන්ට දැන ගන්නට ලැබුණේ එම ශාක පවුලටම අයත් ධරුටදබ ඨර්චැ ශාකයේ ප්‍රතිශක්‌තිකරණ හැකියාව ගැන සොයා බැලීමේ පර්යේෂණයකදී. Oregon Grape ශාකය නිතරම ක්‍ෂුද්‍ර ජීව ප්‍රහාරවලට ලක්‌ වුණා. එහෙත් Barberry ශාකය එසේ නොවන බවට පෙනී ගියා. ඒ ගැන සොයද්දී රහස හෙළි වුණා.

පර්යේෂකයන් එවිට කළේ ජර්මනිය පුරාම තිබෙන Barberry ශාක වර්ග 2000 ක්‌ සොයාගෙන ඒවා ක්‍ෂුද්‍ර ජීවී ප්‍රහාරවලට ලක්‌වීමේ සම්භාවිතාව සෙවීමයි.

Barberry ඵලයක්‌ පැසීගෙන එන විට පළතුරු යුෂවලින් යෑපෙන කුඩා කෘමීන් Barberry ඵල සිදුරු කර ඒවා තුළ බිත්තර දමනවා. බිත්තරවලින් පිලවුන් හටගත් විට උන් ඵලය තුළ තිබෙන ඇට සිදුරු කර එහි සාරය උරා බොනවා. මේ බව දන්නා Barberry ගස තම ඵල තුළ තිබෙන ඇටවලින් 50% ක්‌ කටින්ම සිදුරු කර බීමටත්, ඉතිරි 50% න් එසේ වීමට බැරිවන ලෙස ශක්‌තිමත් කවරයක්‌ යෙදීමෙනුත් උපදවනවා. මේ මගින් පරාග පෝෂණයට අත්‍යාවශ්‍ය කෘමීන් වැස්‌ම Barberry ශාකයක්‌ පවතිනවා.

මේ අතර එළවළු රාජධානියට අයත් ශාක එකිනෙකා සමග අදහස්‌ හුවමාරු කර ගන්නා බව මෙයට පෙර කළ පර්යේෂණයකදී හෙළිවී තිබෙනවා. ශාක අනුභව කරන බඩගිනිකාර කෘමීන් ළඟ. එන විට ඒ බව සහෝදර ශාකවලට දැන්වීම සඳහා පත්‍ර තුළ තිබෙන රසායනික ද්‍රව්‍යයන් මුදාහරින එළවළු වර්ග තිබෙන බව මෙම පර්යේෂණයේදී හෙළි වුණා. මේ පණිවුඩය ලද වහාම බඩගිනිකාරයන්ට අප්‍රිය හිතෙන පරිදි තමන් තුළින් රසායනික ද්‍රව්‍ය මුදාහැරීමට එම ශාක කටයුතු කරනවා.

(Mail Online)

Comments

comments