කෝටි ගණන්වල වාහන නැතුව ඇමතිවරුන්ට වැඩ කරන්න බැරිද – වමේ කේන්ද්‍රය

ජනවාරි අටවැනිදා ආණ්ඩු වෙනසින් ඇමතිවරුන් බලාපොරොත්තු වූ දේ දැන් රටටම පැහැදිලිවෙමින් තිබෙන බව වමේ කේන්ද්‍රය පවසයි. කෝටි ගණන්වල වාහන ඉල්ලූ ඇමතිවරුන් දැන කිසිදු ලැජ්ජාවක් නොමැතිව මාධ්‍ය ඉදිරියට පැමිණ එය සාධාරණීකරණය කරමින් සිටින බවද එම සංවිධානය පවසයි.

වමේ කේන්ද්‍රය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම සංවිධානයේ චමීර පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේය.

අගමැතිවරයා විසින් පසුගිය දිනවල සිදුවූ ආපදා තත්වයන් හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන්ට සහන සලසන තෙක් ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා මුදල් වෙන් නොකරන්නැයි නියෝග කර ඇති බව පැවසූ චමීර පෙරේරා අවධාරණය කළේ එය එතැනින් නොනැවතී මෙම කෝටි ගණන් වටිනා සැප වාහන ගෙන්වීම අත්හිටුවීමට රජය පියවර ගතයුතු බවයි.

සංජීව මලවිආරච්චි

ලංකා නිව්ස් වෙබ්

Comments

comments