කම්කරුවන්ගේ ප්‍රධාන අරගලය විය යුත්තේ ‘ජාතිවාදයට විරුද්ධ වීමයි’

ශ්‍රී ලංකාවේ කම්කරුවන් හමුවේ  අද දවසේ පවතින ප්‍රධාන අරගලය වන්නේ ජාතිවාදයට එරෙහිව සටන් කිරීම බව රටේ ප්‍රමුඛ පෙලේ වාමාංශික නායකයෙක් පවසයි.

වැඩ කරන ජනතාවගේ දිනය වන මැයි පළමුවැනිදා  තමන් සටන් කරන්නේ ‘ලෝක කම්කරුවනි එක්වව්’ යන තේමාව යටතේ වන අතර ඊට විරුද්ධව යමෙක් ක්‍රියාත්මක වන්නේ  ජාතිවාදය නිසා බව නව සම සමාජ පක්ෂයේ නායකයා ප්‍රකාශ කරයි.

වැඩ කරන ජනතාව ජාතිවාදී ලෙස බෙදා වෙන්කිරීම ජාතිවාදීන්  විසින් මේ රට තුළ ඇති කර ඇති කර තිබෙන විනාශකාරී තත්වයක් බවයි ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න පවසන්නේ.‍

කිරුළපන රැළිය

වැඩ කරන පංතිය  ජාතිවාදයෙන් බෙදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලු නායකයන් මේ වන විටත් විශාල වශයෙන් උත්සාහයක යෙදී සිටින අතර මැයි 01 දා කිරුළපන පැවත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැදි දිනයේ අරමුණද එය බවයි ඔහු පවසන්නේ.‍

කම්කරු ප්‍රඥප්තිය ගෙන ඒමට මහින්ද රාජපක්ෂ සමග එක්ව තමන්ද කටයුතු කළ ආකාරය සිහිපත් කරන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කරන්නේ එය පාවා දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  ජාතිවාදි ගොඩට යමින් රටේ කමිකරු පංතිය ජාතිවාදයෙන් බෙදා වෙන් කළ බවයි.

රේඩියෝ ගගන

Comments

comments