ඕස්ටේ‍්‍රලියා තරුණ කතුන් ISIS ත‍්‍රස්තවාදීන් හා විවාහ වීමේ උන්මාදයක

ඕස්ටේ‍්‍රලියාවේ තරුණ කාන්තාවන් බුරුතු පිටින් අයිඑස් ත‍්‍රස්තවාදීන් හා විවාහ වීමේ උන්මාදයෙන් ඔවුන්ට එකතු වීමට උත්සාහ දරමින් සිටින බවත් අවම වශයෙන් පස් දෙනකුවත් එය සාර්ථක කරගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මෙල්බර්න් අසල මේ ආකාරයේ සිද්ධීන් දුසිමක් පමණ වාර්තා වී ඇතැයි පැවැසේ.
වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන මේ පිරිස ත‍්‍රස්තවාදීන්ට එක්වීම සඳහා මවුපියන්ට බොරු ප‍්‍රකාශ කරමින්  ඕස්ටේ‍්‍රලියාවෙන් පලා යාමට උත්සාහ දරා ඇත. වික්ටෝරියා පොලීසියේ නියෝජ්‍ය කොමසාරිස්වරිය වන ටේ‍්‍රසි ලින්ෆෝර්ඞ් ප‍්‍රකාශ කළේ මෙසේ පලා යාමට උත්සාහ කළ සංඛ්‍යාව හරියටම නිශ්චය කළ නොහැකි වුවත් 12ක් පමණවත් වන්නට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් පස්දෙනකු සාර්ථකව පලා යාමට සමත් වී ඇති බව ද ඇය කීවා ය. අනිත් පිරිස ආපසු හරවා එවා හෝ ගණනයට හසු වී නැති වීමට ඉඩ ඇතැයි පොලීසිය වැඩිදුරටත් පැවැසී ය. මේ ඇතැම් කාන්තාවන් ඉරාකයේ සහ සිරියාවේ කාම සේවා සපයන ස්ථානවලට බලහත්කාරයෙන් යොමු කරන්නට ද ඇතැයි විශ්වාසය පළ කළ ටේ‍්‍රසි මෙම සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇතැයි ද කීවා ය.

 

 

 

 

Colombopost

Comments

comments